Friday, December 1, 2017

නව නිලධාරීන්ට නායකත්ව පුහුණුව


   මෘද්ධි නිලධාරීන් කියන්නේ ගමේ දුප්පත් අහිංසක ගැමියන් සමඟ ගනුදෙනු කරන නිලධාරියෙක්. ගමේ මිනිස්සුන්ගේ දුක සැප බෙදා ගන්නට ඔහුට සිදු වෙනවා. ගමේ මිනිසුන්ගේ ගැටලු විසඳන්නට, ඔවුන් විඳින-විඳවන සියලු අවස්ථාවන්ට සහභාගී වන්නටත් ගැටලු සඳහා පිළියම් ලබාදීමටත් ඔහුට සිදු වෙනවා. ඇතැම්විට එය ආර්ථික ගැටලුවක් වෙන්නට පුළුවන්. තවත් විටෙක එය පවුල් සංස්ථාව පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්. ඇතැම්විට එය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්. තවත් සහමරවිටෙක එය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්. සමහරවිට ආබාධිතයන් පිළිබඳ ගැටලුවක් වෙන්නටත් පුළුවන්. මේ සඳහා අපේ සමෘද්ධි නිලධාරියාට ශක්තිමත් මානසික වාතාවරණයක් අත්‍යාවශයි. ඒ නිසා ම සෑම සමෘද්ධි නිලධාරියෙකුට ම මනෝවිද්‍යාව උපදේශන පාඨමාලාවක් ලබාදීමට කටයුතු කරනවා.... යැයි දෙහිඅත්තකණ්ඩිය-සඳුන්පුර 3වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා පුහුණු පාසලෙහි පැවැත්වෙන නව සමෘද්ධි පත්වීම්ලාභී නිලධාරිනියන් සඳහා පැවැත්වෙන ‘නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලා අවස්ථාවට එක් වෙම්න් පසුගියදා (30) අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment