දිළිදුකම අවම කිරිම, තුරන් කිරිම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ වු වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අතරින් සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සදහා හිමිවන්නේ සුවිශේෂි වු ස්ථානයක්. ග්‍රාමිය මට්ටමේ ජීවත් වන සමෘද්ධිලාභින් සහ අඩු ආදායම්ලාභින්ගේ ජීවන තත්වය ඉහල දැමිම සදහා දැනට ස්වයං රැකියා කරන හා අඑතින් ස්වයංරැකියා ආරම්භ කිරිමට බලාපොරොත්තු වන ප්‍රතිලාභින්ට මෙමගින් සැලසෙන්නේ අතිමහත් පිටිවහලකි.
පසුගිය දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලේකම් කොට්ඨාශයේ අඩු ආදයම්ලාභි පවුල්වලට එම ස්වර්ණමය අවස්ථාව උදාවිය. විවිධ වු ස්වයංරැකියා වෙනුවෙන් පැවති පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කල ප්‍රතිලාභින්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදාදීම පසුගියදා වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය චන්දිම විරක්කොඩි මැතිතුමා අතින් ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යලීය පරිශ්‍රයේදි සිදුවිය. රුපියල් දෙලොස් ලක්ෂ පනස් දහසක (1,250,000.00 ) මුදලක් සමෘද්ධි ප්‍රතිපාදන යටතේ ලබාදුන් අතර කෘෂිකාර්මික, සත්ව පාලන සහ අලෙවි යන අංශ යටතේ මෙම උපකරණ ලබාදීම සිදුවිය. සමෘද්ධි ප්‍රතිලාභි පවුල් තිස් හතකට සිය ජීවන ගමන් මග සරුකර ගැනිමට මෙමගින් අවස්ථාව හිමිවිය.
ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන, ව්‍යාපෘති කළමණාකරු ඉසුරු කළුආරච්චි, ව්‍යාපෘති සහකාර අනෝජා අලුත්ගමගේ යන මහත්ම මහත්මීන් සහ සමෘද්ධි නිළධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව
No comments:
Post a Comment