අපේ සමෘද්ධි පවුලට තවත් ලක්ෂ 05ක් පමණ එකතු කර ගන්නට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ 'සමෘද්ධිය' නමැති ව්‍යාපාරය නැවත පණ ගසා නැඟිටිනවා. අවුරුදු 10කට පසුව නැවත සමෘද්ධියට ජවයෙන් නැඟිටින්නට ඔබට පුළුවන් ශක්තිය දෙන්න. අපේ පවුලට අලුතින් එකතුවන ඔබ සතුව තිබෙන තරුණ ජවය, තරුණ ශක්තිය මේ ව්‍යාපාරයට ශක්තියක් බවට පත් කරන්න. අපේ රටේ අපේ අහිංසක දුප්පත් ජනතාවට සේවය කරන්නට ලැබීම ඔබට සතුටක් ගෙන දේවි. මතක තබා ගන්න...ඔබ මේ සිදු කරන්නට යන්නේ සැබෑ මහජන සේවයක්...එයින් ඔබ ලබන තෘප්තිය වගේ ම අහිංසක ජනතාව ලබන තෘප්තිය දුටුවිට අපේ ඇසටත් කඳුළක් උණාවි.... යැයි ගරැ එස්.බී ඇමතිතුමා පැවසුවේ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල-දියතලාව, නව සමෘද්ධි නිලධාරීන් සදහා පැවැත්වෙන නායතක්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙම්නි.
ප්‍රදීප් චන්දන නානායක්කාර
No comments:
Post a Comment