Saturday, December 2, 2017

මැදිරිගිරියේ අභියෝගය දිස්ත්‍රික්කයට අභියෝගයක්වී

කොඩි අරමුදලින් ගාමිණි පලමු තැනට

  සිරිමාබෝ...මුල මතු දින බුදුවනු අම්මේ.. මියුරු සත්සර නාදයත් සමග 2017 වර්ෂයේ දුම්වැටි විරෝධී කොඩි දිනයේ රු.43918/=ක මුදලක් ඉපැයූ 103 අඔගස්වැව වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිළධාරී ගාමිණී උදය කුමාර මහතා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇගයීමක් පසුගියදා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති සමෘද්ධි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සිදුකෙරුණි.

  2017 මාර්තු මාසයේ පැවති සමෘද්ධි ප්‍රගති සමාලෝචනයේදී වැඩිම  අවුරුදු ගණුදෙනු සහ කොඩි අරමුදල් මෙම වර්ෂයේදී මණ්ඩලගිරිය කලාපයෙන් ගෙන එන බව දියසෙන්පුර හා දිවුලන්කඩවල කලාප සදහා අභියෝගයක් කල ගාමිණී උදය කුමාර මහතා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්  පමණක් නොව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද පලමු ස්ථානය හිමිකරගෙන ඇත.

  මෙහිදී ප්‍රාදේශිය ලේකම් තුමිය ප්‍රකාශකර සිටියේ.... අභියෝගයන් තුල නිවැරදි ගමනක් ඇති බවත්, සමෘද්ධි නිලධාරීන්ට තියෙන්නේ විශාල අභියෝගයකි. එය දුප්පත්කම අවම කිරීම බවත්, මේ අභියෝගයේ පලමු ගැලවුම්කාරයා වන්නේ සමෘද්ධි පවුල වන බැවින් සියළුම දෙනා ඉතා උනන්දුවෙන් උත්සාහයෙන් හා මනා සුහදසීලී කැපවීමකින් ඉටුකිරිම සදහා අධිඨන් කරගන්නා ලෙසයි.

   මූලස්ථාන සමෘද්ධි අංශය මගින් සංවිධානය කරතිබූ මෙම අවස්ථාවට සියළුම සමෘද්ධි කලමණාකාර මහත්ම මහත්මින් හා කේෂ්ත්‍ර සමෘද්ධි නිලධාරී මහත්ම මහත්මීන් සහභාගිවී සිටි අතර ගත සිත නිවන්නට සත්සර දක්ෂතාවයන්ද මුසුකරන ලදි. දෙවැනි බුදුන් ලෙස...., දුනුකෙයියා මලක් වගේ....., එක යායක මල් පීදුනු.....යන ගීත දෙසවනට යොමු කලේ ප්‍රියන්ත කුමාර, නිලූෂිකා ප්‍රියදර්ශණී, සේන කරුණාරත්න යන මැදිරිගිරිය සමෘද්ධි ගායක ගායිකාවන්ය.

සමූහ සමෘද්ධි ගමන සංනිවේදක
පොළොන්නරුව දිස්ත්‍රික් සංනිවේදක - ඩි.එමි.පි.කේ දිසානායන
මැදිරිගිරිය ප්‍රාදේශිය සංනිවේදක - එම්.පි.වජිරා දිසානායක

No comments:

Post a Comment