Thursday, March 15, 2018

ආරච්චිකන්ද සමෘද්ධි බැංකු නව පාලක මංඩලය පිහිටුවයි


  ගෝනාපීනූවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආරච්චිකන්ද සමෘද්ධි බැංකුවේ 2018 වර්ෂය සදහා නව පාලක මංඩලය තෝරා පත් කර ගැනීම ගෝනාපීනූවල ප්‍රාදේශිය  ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගෝනාපීනූවල නිග්රෝමධාරාම විහාරස්ථ ධර්ම ශාලාව්දී පසු ගියදා සිදු කෙරුණි.

   ඒ අනුව 2018 වර්ෂය සදහා නව පාලක මංඩල සභාපති වශයෙන් ගෝනාපීනූවල බටහිර ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජාමූල සමිති සභාපති ආර්.කේ.චමිලා චාමරී මහත්මිය තේරීපත් වූ අතර උප සභාපති වශයෙන් වුඩ්ලන්වත්ත සමෘද්ධි ප්‍රජාමූල සමිති සභාපති සුභසීලි තුඩුවගේ මහත්මිය තේරී පත්විය. මීට අමතරව අනෙකුත් ග්‍රාම නිලධාරී වසම් නියෝජනය කරමින් පාලක මංඩල සාමාජිකයින් දහතුන් දෙනෙකු තේරීපත් වූ අතර නව පාලක මංඩලයේ සියළුම දෙනා තමා වෙත පැවරී ඇති කාර්යභාරය මැනවින් නොපිරිහෙලා අනලස්ව අපක්ෂපාතීව සිදු කිරීමට කැපවෙන බවට ප්‍රතිඥා ලබා දෙන ලදි.

   ආරච්චිකන්ද සමෘද්ධි බැංකු කළමණාකරු එම්.ඒ. සිරිනන්දන මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සව අවස්ථාවට මූලස්ථාන කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මිය, සමෘද්ධි බැංකු සමිති කළමණාකරු එම්.එච්. නිරෝෂා දිල්රුකෂි මහත්මිය, ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා ඇතුළු සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම සමෘද්ධි බැංකු කොටස් හිමියන් නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment