Sunday, March 11, 2018

ආබාධිත දරුවකු සිටින පවුලකට සමෘද්ධියෙන් ස්ථිර නිවහනක්.........


   මෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය මඟින් මෙහෙයවනු ලබන සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ දායකත්වයෙන් දිස්ත්‍රික්කයකින් තෝරා ගත් ආබාධිතවූවන් සහිත එක් පවුල් ඒකකයක් සදහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේද එවැනි නිවසක් සාදා නිම කරන ලදි.

   ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 න්ද ඉල්ලුම්පත් කැඳවා තෝරා ගනු ලැබූවේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටලමත්ත සමෘද්ධි බැංකු කලාපයේ ඌරල පහළ  ග්‍රාම නිලධාරී වසමේ කේ.ජී. චමින්ද ප්‍රදීප් කුමාර මහතාගේ නිවසයි. ඔහු දරුවන් 05 දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් 3 දෙනෙක් පාසල් යන අතර ආබාධිත සහිත දරුවකු ද වේ. කුලී වැඩ කර ජීවත් වන අතර භාර්යාව ද අසනීපයෙන් පසුවෙයි.

   මෙම වැඩසටහන යටතේ රු.250,000/= ක මුදලක් එම පවුල වෙත ආධාර වශයෙන් ලබා දුන් අතර මේ වන විට එම මුදල් වැය කර ස්ථිර නිවසක් සාදා ගෙන ඇත. ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන මෙම පවුලට මෙසේ ආධාර මුදලක් ලබා දීමට හැකිවීම පිළිබඳව බැංකු කළමනාකරු ප්‍රේමතිලක මහතා ද සිය සතුට ප්‍රකාශ කරන ලදි.

   සිය දරුවන්ටත් තමන්ටත් හිසට වහලක් ලබා දීම සම්බන්ධයෙන් චමින්ද මහතාගේ භාර්යාව විසින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ තුමියටත්, ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු කැපවීමෙන්  කටයුතු කළ සියළුම නිලධාරීන්ටත් ස්තුතිය පුද කරන ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගාල්ල දිස්ත්‍රික් සන්නිවේදක

No comments:

Post a Comment