Sunday, March 11, 2018

කාන්තා දින සමාජ සංවර්ධනය


   රන්දෙණිය සමෘද්ධි සමාජ සංවර්ධන පදනම 2018 මාර්තු 01 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විවිධ ඉලක්ක කණ්ඩායම් පදනම් කොට වැඩසටහන් ක්‍රියාත්මක කලා. 2018 දෙසැම්බර් අ:පො:ස:(සා:පෙ:) විභාගයට කරන්දෙණිය ජාතික පාසල මගින් පෙනීසිටින දරුවන් 305 ක් අතරින් 115ක් විෂයයන් 6ක් සමත්විය නොහැකි දරුවන් ලෙස 11 වසර අංශ ප්‍රධානී හදුනාගෙන සිටි අතර නිවසේ ඉගෙනුම් පරිසරය සකස් වියයුතු ආකාරය පිළිබඳව එම දරුවන්ගේ මව්වරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

  "අධ්‍යාපනය ඇතුළු සෑම ජයග්‍රහණයක් සඳහාම නිවැරදි ජීවන පැවතුම් බලපෑම් කරයි" මාතෘකාව ඔස්සේ පූජ්‍ය නාරංගොඩපාළුවේ ඣානානන්ද හිමි සහ "සියළුම දරුවන්ට ජීවිතය ජයගන්න පුළුවන්"මාතෘකාව ඔස්සේ කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ටී.ප්‍රනීත් මහතා විසින් දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදි.

   තව නොබෝ දිනෙක සිදු කෙරෙන සමෘද්ධි සිසුදිරිය ශිෂ්‍යත්ව ප්‍රධානයේදී මෙම කණ්ඩායමේ සිටින දුප්පත් දරුවන් වෙනුවෙන්ද යම් සහන සැලසීමට කටයුතු කරන බව සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරි ජයවර්ධන මහතා මෙහිදී පැවසීය.

   විද්‍යාලයේ විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා පිරිස පිළිගත් අතර නියෝජ්‍ය විදුහල්පති දෙපල සහ 11 වසර අංශ ප්‍රධානී චින්තක මහතා ඇතුළු මව්වරුන් සමග පියවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගි වී සිටීම විශේෂයෙන් අගය කල යුතුය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment