Wednesday, May 2, 2018

හැටන් සම්බුද්ධත්ව අසිරිය


   ශ්‍රි බුද්ධ වර්ෂ 2562 වන සම්බුද්ධත්ව තෙමගුල සැමරුම වෙනුවෙන් මෙවර  හැටන් නගරයේ විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. වෙසක් දිනයේ දි හැටන් නිග්‍රෝධාරාම විහිරස්ථානය සංවිධානය කරන ලද වෙසක් සුමදුර ධර්මදේශනා මාලාව හා පෙහෙවත් සමාදන් කරවිමේ වැඩසටහන් ක්‍රියාත්මක කල අතර ප්‍රදේශයේ දමිළ ජනතාව වෙනුවෙන් දමිළ භාෂාවෙන් ධර්ම දේශනාවක්ද පවත්වන ලදි.ඒ සදහා විශාල දමිල ජාතිකයින් පිරිසක් වෙසක් දිනයේදි විහාරස්ථානයට එක්ව සිටියහ.

   එමෙන්ම හැටන් පොලිසිය සංවිධානය කල වෙසක් කලාපයක් හැටන් පොලිස් ක්‍රිඩා පිටිය හා දුම්රිය ස්ථානය පරිශ්‍රයේ දි පැවැත්විය.

   හැටන් පොලිස් අධිකාරි කොට්ඨාශයට අදාල පොලිස් වසම් අටක පොලිස්ථාන වලින් හා පාසල් වලින් ඉදිකල පහන් කූඩු රැසක් ප්‍රදර්ශණයට එක්කොට තිබින.ඊට සමගාමිව එම ස්ථානයේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහබාගීත්වයෙන් බැති ගී සරණියක්ද පැවැත්විය.

   එමෙන්ම හැටන් ලංකා විදුලිය බල මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රයේ චුල්ල පද්ම ජාතක කතා වස්තුව නිරූපනය කෙරෙන ඩිජිටල් තොරණක් ප්‍රදර්ශනයට එක් කොට තිබේ.
හැටන් ඉරිදා පොල තරුණ කැල 21 වරට පිරිනැමු බත් දන්සල මෙන්ම 29 වන දිනය පුරා හැටන් නගරයේ විවිධ වර්ගවල ආහාර හා ඖෂ්‍යධ පැන් දන්සල් පැවත්විය.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment