Thursday, May 3, 2018

මහ සග රැවන පුලතිසි වඩිති පිඩුසිගා - සොයා මොක් සුව



   දා බුදුන් දවස ජේතවනාරාමයේ වැඩ සිටි අප ගෞතම අමාමෑණී තතාගත බුදු පියාණන් වහන්සේ රහත් මහ රහතුන් වහන්සේලා ඇතුළු මහා සංඝයා වහන්සේලා පෙරටුකොට ගම් නියම්ගම් වල පිඩුසිගා වැඩීම තම හදවත් වලට සිහි ගන්වමින් මේ උතුම් වූ බුද්ධ තෙමගුල සමරන වෙසක් සතියේ මණ්ඩලගිරිය විහාරාධිපති වටදාගෙය භාරකාර මොරගොල්ලාගම සීවලී හිමිපාණන් වහන්සේ පෙරටුකොට සංඝයා වහන්සේලා මණ්ඩලගිරිය විහාරස්ථානයේ සිට මැදිරිගිරිය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන අග්බෝ නිරිදුන්ගෙන් පහස ලත් රහත් මහ රහතුන් වහන්සේලා ප්‍රධාන මහා සංඝයා වහන්සේලා වැඩ සිටි වටදාගෙය භුමියට පාගමනින් වැඩියේ දෙනෝදහක් පිංවතුන්ගේ සාධුකාර මධ්‍යයේය.

  පාර දෙපස සිට තමාට හැකි පමණින් නිවසේ උයාපිහා ගන්නා ලද ආහාර මෙන්ම විවිධවූ දේවල් පූජා කලේ තම හිත්වල උපන් බුද්ධාලම්භණ ප්‍රීතියෙනි.කුඩා සාමනේර වහන්සේලාද කිසිදු වෙහෙසකින් විඩාවකින් තොරව කිලෝමීටර් දෙකක් පමණ මෙම පිණ්ඩපාත චාරිකාවට වැඩසිටි අතර පිණ්ඩපාතික දානය වටදාගෙයේ වන රුක්මුල සිට සංඝයා වහන්සේලා සමාපත්ති සුවයෙන් වැඩ හිද දානය වැලදීම කාගෙත් සිත් සතන් ප්‍රීතියට පත් කරන ලදි.

   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සී.එම්.කරුණාරත්න මෙනවියගේ මග පෙන්වීම හා මූලිකත්වයෙන් මැදිරිගිරිය සංවර්ධන නිළධාරී සංසදය සංවිධානය කරන ලද මෙම පිණ්ඩපාතික වැඩසටහන සදහා සියළු නිළධාරීන්ගේ මෙන්ම ග්‍රාමීය ජනතාවගේද මහත් උනන්දුවක් හා උද්යෝගයක් සමෘද්ධි ගමනට දක්නට ලැබුණි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment