එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලබමින් තෙවරක් සම්බුදු සිරිපතුල් සිපගත් ශ්‍රී ලංකා ලක් දෙරනේ අද දිනෙන් දින වැඩි හිටි නිවාස, ළමා නිවාස ඉදි වන්නේ දිනකට දෙවරක් බුදුන් වදින මිනිසුන් යැයි කියා ගන්නා සමහර නොමිනිසුන්ගේ මව් වරුන් පියවරුන් හය හතරක් නොතේරෙන කිරි සප්පයන් වැඩිහිටි නිවාස, ළමා නිවාසවල තනිකර ලමිනි.දස මාසයක් කුසයේ දරාගෙන මේ මගේ රත්තරන් පුතා මගේ රත්තරන් දුව යැයි ලෝකයේ දුර්ලභ වටිනා සම්පත් වලට උපමා කරමින් මිනිස් ශරීරයේ වටිනාම දේ වන ඇස් දෙක වගේ රැකගෙන ලේ කිරිකරදී දරුවාගේ අසූචි කළගෙඩි හතක් තම කුස තුලට රුවාගන්නේ දරු සෙනෙහයට නේද...
ලෝකයේ දරාගත නොහැකිම වේදනාව දරන්නේ මවක් නේද... ඒ විලි රුදාවෙන් අම්මාට හානියක් නොවන්නේ තම දරුවාට තිබෙන ආදරය කරුණාව දයාව නිසාවෙන් නොවේද...පිරිමියෙකුට මෙම වේදනාව දැනුනොත් තම ශරීරයේ අස්ති කීයක්නම් බිදෙයිද. අම්මා ඒ සෙනෙහස දෙද්දී පියා තම දරුවන්ට රැකවරණය ලබාදී ආරක්ෂා කරමින් හොදින් හදා වඩා ලෝකයට ඇස් පාදන්නේ ඔවුන් ලෝකය තුල සැරි සරද්දි අනාත මඩම් වලට,වැඩි හිටි නිවාස වල තනි වෙන්නද....
උතුම් තෙමගුල සිහිකරමින් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම් කරුණාරත්න මහත්මියගේ පූර්ණ මගපෙන්වීමෙන් කාර්යාලයට අනුබද්ධ රාජ්‍ය නිළධාරීන් අද දින (27) මහගු පුණ්‍ය කර්මයකට අත ගැසුවේ මැදිරිගිරිය සරණ බෞද්ධ පදනම මගින් ක්‍රියාත්මක කරන මව්පිය සෙවන වැඩිහිටි නිවාසයට පා තබමිණි. මෙම ගමනට සමෘද්ධි ගමනද සම්බන්ද වූයේ උතුම් කර්තව්‍යයක් සදහා මාධ්‍ය ආවරණයක් ලබාදීමේ අධිඨණනි.
පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංඝණායක ශ්‍රී පච්චිමාරාම විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජී ස්වාමින් වහන්සේගේ පූර්ණ මගපෙන්වීමෙන් අනුශාෂකත්වයෙන් හා භාරකාරත්වයෙන් පවත්වාගෙන යන මෙම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 12 දෙනෙක් පමණ සිටින අතර නිවාසය ශුද්ධ පවිත්‍රකර වැඩිහිටියන් නාවමින් එම අයගේ සියළු රෙදිපිළි සෝදා දීමට මේ සදහා සහභාගීවූ නිළධාරීන් නොපැකිළිව දායකත්වය දක්වන ලදි. මේතුල හැගීගියේ මෙම අයගේ දෙමව්පියන්ටද මෙපරිදිම ආදරය කරුණාව දයාවක් ඇති බවය.මෙම වැඩසටහන තුල වැඩි පිරිසකගේ දෙනෙත්වලින් තම දෙමව්පියන් සිහිවී දෙනෙතින් කදුළු වගුරන අවස්ථා මෙන්ම දුක වේදනාව සගවාගෙන හදවතින් හඩන අවස්ථාද සමෘද්ධි ගමනට දක්නට ලැබුණ අතරම එම වැඩිහිටියන්ද හැගුම්බර නෙතු කදුළු වගුරමින් අප හා එක්වන ලදි .
දිවා ආහාරයට ප්‍රථම එම වැඩිහිටියන් හා එක්ව කවි ගී දෙකොපුල් අතරින් ගුවනට එක්කලේ සියළුම දෙනාගේ විඩාබර දෙනෙත් හා හදවත් සිසිල් කරලමිණි.
සොයා පිළිසරණක්, තෙවැනි බුදුන් ලෙස, සුරේෂ් මානවඩු මහතා මුමුණද්දී...... වැඩිහිටියන් විසින්... අපි වවලයි අපි කෑවේ,කුරුළු ගමේ කුරුළු ගෙදර ගීත වලින් සතුටු වෙද්දී පැමිණි සියළුම දෙනා නැවතත් හැඩවූයේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියෙකු විසින් ගායනා කල, සද නාවත් කමත් නැතේ රත්තරන් පුතේ... ඉර නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... ඒත් පුතේ නුබ නාවොත් දුක දැනෙයි සිතේ....ගිතයෙනි....මෙම ගීතයත් සමග සමෘද්ධි ගමන ඔවුන්ගෙන් සමුගත්තේ මාසෙකට වරක් මෙවැනි වැඩසටහන් තුලින් ඔවුන්ගේ විඩාබර මනසට සතුට සොම්නස එකතු කිරීම වඩාත් උචිත යැයි සිතමිණි.....
සටහන හා සේයාරූ
ඩි.එම්.පි.කේ. දිසානායක
වජිරා දිසානායක
සමෘද්ධි ගමන සමූහ - පෙළොන්නරුව
No comments:
Post a Comment