Friday, May 4, 2018

හෙළ ජන දිවියයි.....සොබා අසිරියයි........


  පෝෂණය වර්ධණය කර ආහාර සුරක්ෂිත තාවය ඇති කරමින් ජීවන වියදම අවම කිරීමේ පරමාර්ථය ඇතිව ආදායම වර්ධනය කරමින් පිරිපුන් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ඇති කිරීමේ අරමුණ ඇතිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේදී ආරම්භ කර ඇති එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු හා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උදාරතර සංකල්පයක් වන වෂ විසෙන් තොර ගෙවතු සංවර්ධන වැඩසටහනට සමගාමීව පාරම්පරික ස්වභාවික වගාක්‍රම සහිතව වස විසෙන් තොර පරිසර හිතකාමී ගෙවත්තක් නිර්මාණය කිරීම පිලිබදව පුහුණු වැඩසටහනක් පසුගිය 28 වන දින මැදිරිගිරිය මණ්ඩලගිරිය විහාරස්ථානයේදී පවත්වන ලදි. 

  සොබදහම් ගොවිතැන ප්‍රධාන උපදේශක තිලක් කන්දේගම මහතාගේ මගපෙන්වීම මත සොබාදහම් ගොවිතැන බාහිර උපදේශක ජාතික ගොවි සමුළුවේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බි.ඩි.ඉන්ද්‍රජිත් මහතා සහ ජේෂ්ඨ ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සහභාගිත්වයෙන් මෙම හෙළ ගොවි ගෙවතු වගා වැඩසටහන 86 ගජබාපුර සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ ඉල්ලීම පරිදි පාරම්පරික වගා ක්‍රම පාරම්පරික කෘමි පාලනය, ස්වභාවික කෘමිනාශක හා ස්වභාවික පොහොර භාවිතය පිලිබදවද  ප්‍රජාව දැනුවත් කෙරිණි. 

   මෙම වැඩසටහන මැදිරිගිරිය හෙළ දිවි සොබා සංවර්ධන පදනමේ ලේකම් ඩි.එම්.පි.කේ.දිසානායක මහතාගේ සම්බන්ධිකරණයෙන් මැදිරිගිරිය සමෘද්ධි බැංකු සමිතියේ කළමණාකාර අධ්‍යක්ෂක චන්දන සුගත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් සහ 86 ගජබාපුර සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ සංවිධානත්වයෙන් පවත්වන ලදි.සොබාදහම් ගොවිතැන හා සම්බන්ද ආචාර්‍ය ආර්.කේ.රෝහන් සිසිර කුමාර මහතා ප්‍රකාශිත ලංකා ජ්‍යොතිෂ දිනපොත හා දේශීය බීජ හෙළ දිවි සොබා සංවර්ධන පදනමේ ලේකම් ඩි.එම්.පි.කේ.දිසානායක මහතාට සොබාදහම් ගොවිතැන බාහිර උපදේශක බි.ඩි.ඉන්ද්‍රජිත් මහතා  පරිත්‍යාග කලේ සොබාදහම සමග කටයුතු කිරීමේදී අත්‍යාවශ්‍ය වන බව පසක් කරමිණි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය.

No comments:

Post a Comment