Tuesday, May 8, 2018

වෙසක් මාපිය වන්දනාව


  කරන්දෙණිය ජාතික පාසලේ 2018 අ:පො:ස:(සා:පෙ:) කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් පසුගියදා පැවැත්වුනා. එළඹෙන දෙසැම්බරයේ විභාගයට පෙනීසිටින දරුවන් වෙත මව්පියන්ගේ අවධානය සුදුසු කල්හි නිසි පරිදි යොමු කිරීම ඉලක්ක කොට මෙම වැඩසටහන් පැවැත්වීමට පාසලේ ආගමික අධ්‍යාපනය භාර ගුරු හාමුදුරුවන් වහන්සේලා කටයුතු යොදා තිබිණ.

   විද්‍යාලයේ විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා විසින් විද්‍යාලයීය ආචාර්යමණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ආදී ශිෂ්‍ය සමිතිය සහ පන්ති මට්ටමේ අධ්‍යාපන සංවර්ධන කමිටු මනා ලෙස සංවිධානගත කරමින් විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සදහා පාසලේ මාපිය ප්‍රජාව සහ ශිෂ්‍ය ප්‍රජාවගේ යොමුව වර්ධනය කිරීම අරමුණ කොට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

  මෙවර සා:පෙ: සහ උ:පෙ: විභාගයට ඉදිරිපත්වන දරුවන් වෙනුවෙන් උදෑසන 6.30ට පාසල ආරම්භ කරන අතර දහවල් 1.30 දක්වා සිරිත් පරිදි පාසල පවත්වන අතර රාත්‍රි 6 සිට 8.30 දක්වා පාඩම් කිරීමේ පන්ති පැවැත්වීම දෛනික කාලසටහන වන අතර ගුරුවරුන් ලබාදෙන සහයෝගය විශේෂයෙන් අගය කල යුතුය.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment