Tuesday, May 15, 2018

පුත්තලම දිස්ත්‍රික්කයේ සුහද වොලිබෝල් තරගාවලියක්


දිගු කාලීනව කාර්යාල තුල සේවය කිරීම නිසා රාජ්‍ය නිලධාරින් වයස්ගත වන විට  නොයෙකුත්  රෝගී තත්ත්වයන්ට ගොදුරුවීම වර්තමානයේ සුලභ කරුණකි. දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වක වාඩිවී සිටීම, රැකියාවේ ඇති ඒකාකාරී බව හා ඒ නිසාම ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැති වීම එම තත්වයන්ඇති වීමට ප්‍රධානම හේතුව වී ඇත.

   මෙම ගැටලුවෙන් නිදහස් වීමට නම් හැකි පමනින් ව්‍යායාම කිරීම හා ක්‍රීඩා වලට යොමුවීම කල යුතුය.මේ සම්බන්ධයෙන් අවධානය යොමුකල පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන්.චිත්‍රානන්ද මහතාගේ අදහසකට අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් අතර සුහද ‍වොලිබෝල් තරගාවලියක් 2018/05/15දින පුත්තලම පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

   පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියොජනය කරමින් කන්ඩායම් 17ක් තරග වැදුන අතර සෑම කන්ඩායමකම වැඩි පිරිස සමෘද්ධි සංවර්ධන නිලධාරින් විම විශේෂයෙන් කැපී පෙනිණි

    පුත්තලම දිස්ත්‍රික් ලේකම් තුමා, පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මැතිණිය හා පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතාගේ පුර්ණ අධික්ෂනය මත හා පුත්තලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රෙස්න මහතාගේ හා පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුනවර්ධන මහතාගේ සහයෝගය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබිනි.


චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment