Thursday, August 3, 2017

අලුත් සමීක්ෂණයෙන් කිසිවෙකුගේ සමෘද්ධිය නැතිවෙන්නේ නෑ- ඇමැති එස්.බී.දිසානායක


    සමෘද්ධි සහනාධාර ලාභීන් තේරීම සඳහා පවත්වන ලද නව සමීක්ෂණය අනුව කිසිම සමෘද්ධිලාභියකුගේ ආධාර මුදල් කැපී යාමක් සිදු නොවන බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී.දිසානායක මහතා පවසයි. ඇමැතිවරයා එසේ සඳහන් කළේ අද (03) බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

   සමෘද්ධිලාභීන් පිළිබඳ නව සමීක්ෂණයට අනුව සහනාධාර ලාභීන්ගේ සමෘද්ධි දීමනා කැපී ඇති බවට එල්ලවෙන චෝදනාවට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැති අතර එහිදී ඇමැතිවරයා සඳහන් කළේ කිසිවෙකුගේ සමෘද්ධි සහනාධාර අහිමි වී ඇත්නම් නැවත අභියාචනයක් කළ හැකි බවයි. 

ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී මෙසේද සඳහන් කළේය.
    “1995 වර්ෂයේ ආරම්භ කල සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙල තුලින් මේ වන විට පවුල් ලක්ෂ 14 ක ආසන්න ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබන අතර, ඒ සදහා රජය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 43,950 ක මුදලක් වැය කරනු ලබනවා. මෙතෙක් පැවති සමෘද්ධි සහනාධාර නාම ලේඛණය යාවත්කාලීන කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණ ක්‍රියාදාමයක් අප ආරම්භ කළා. මෙම සමීක්ෂණය මඟින් ආවරණය කරන ලද මුළු පවුල් සංඛ්‍යාව, 2,268,785 ක් . මෙලෙස ලබාගන්නා ලද සමීක්ෂණ දත්ත ඉතා නිවැරදි ලෙස පරිගණක ගත කිරීමෙන් අනතුරුව තොරාගැනීමේ නිර්ණායක හඳුනාගෙන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මඟින් සකසන ලද පරිගණක මෘදුකාංග ඇසුරින් ප්‍රමුඛතා කරණය මත සියළුම ඉල්ලුම්කරුවන් ලයිස්තුගත කලා. 

    අධ්‍යාපනය, පවුලේ සෞඛ්‍ය තත්වය, ආර්ථික මට්ටම්, වත්කම්, නිවාසවල ස්වභාවය, සහ ඔවුනගේ පවුල්වල සෞභාග්‍ය ආදී නිර්ණායක ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර, ඊට හිමි ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තුලින් ඉතාමත් විනිවිදභාවයකින් යුතුව, මෙකී ප්‍රමුඛතා ලේඛණ මේවන විට පිළියෙල කර තිබෙනවා. ඉදිරියේදී මෙම නාම ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිළධාරී කාර්යාල, සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි නිළධාරී කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශණය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

    එම පවුල් ලබා ඇති ලකුණු අනුව, ඔවුනට ලැබෙන සහනාධාර ප්‍රමාණය නිර්ණය වන අතර, සහනාධාර නොලැබෙන පුද්ගලයන්ද මෙමඟින් හඳුනාගත හැක. මේ තේරීම ගැන සෑහීමකට පත් නොවන්නේ නම් අදාල ප්‍රාදේශීය ලේකම් වෙත සති 02 ක් ඇතුලත අභියාචනාවක් ඉදිරිපත් කල හැකියි .එම සියළුම අභියාචනා ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී සහ සමාජ සේවා නිළධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් අදාල අභියාචනාකරු ඉදිරියේ සමීක්ෂණය කරන ලද, ඔහුගේ සමීක්ෂණ පත්‍රිකාව නැවත පරීක්ෂා කර බලනවා.

    එහිදී සමීක්ෂණ පත්‍රිකාව පිරවීමේදී හෝ තේරීම් ක්‍රියාවලියේදී යම් වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කෙරෙනවා . සියළු අභියාචනා අවසන් කර අභියාචනා තේරීම් නිමවනතුරු දැනට සහනාධාර ලබන අයගේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ. හුදෙක්ම මෙකී සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙල යාවත්කාලීන කිරීමේ මූලික අරමුණ වුයේ මෙහි කලින් සඳහන් කර ඇති පරිදි, රටේ සමස්ථ දුගී ජනතාවට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණ පෙරදැරිකර ගෙනයි. ඒ සඳහා ඉතා විමසිල්ලෙන් සහ බුද්ධිමත් ලෙස කටයුතු කරන ලෙස සමස්ථ රටවාසීන් වෙත කාරුණිකව ඉල්ලා සිටිනවා “

ප්‍රදීප් චන්දන නානායක්කාර
(ගරැ අමාත්‍ය වරයාගේ FB සමාජජාලා පිටුවෙන්)





ගං වතුරින් හා සුළි සුළඟින් අාපදාවට ලක්වු ජනතාවට සහන


   හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් ගංවතුර  හා සුළ සුළගින් අාපදාවට ලක්වු ජනතාවට නිවාස සකස් කර ගැනිමට  මුදල් ලබාදිම පසුගියදා සිදුවිණි. එම අවස්ථාව සඳහා ස්වදේශ  කටයුතු ගරු අමාත්‍ය  වජිර අබේවර්ධන මැතිතුමා,  විදේශ  කටයුතු අමාත්‍ය  මනුෂ නානයක්කාර මැතිතුමා, දකුණු  පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් එස්.ටි. කොඩිකාර මැතිතුමා, හික්කඩුව වැඩබලන ප්‍රාදේශිය ලේකම් ඩබ්.එස්. සතයානන්ද මැතිතුමා,  සහකාර ලේකම් ඩි.එන්.පි. කුලතුංග, ගණකාධිකාරි ටි.ඩි. මනම්පේරි, පරිපාලන නිලධාරි තුමිය අැතුලු විශාල පිරිසක් සහභාගිවිය.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

Wednesday, August 2, 2017

සමෘද්ධි හරිත ගම්මාන වැඩ සටහන මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම් තුමාගේ නිරීක්ෂණයට


    සමෘද්ධි වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හරිත ගම්මාන වැඩ සටහනේ මූලික කටයුතු 2017-08-01 වන දින ආරම්භ විය. එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට තෝරා ගත් නියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගා/පෝද්දිවල මහා විද්‍යාලයේ අදාල භුමි⁣ය පැල සිටුවීමට යෝග්‍ය තත්වයට පත් කිරීම මෙහි අරමුණ විය. එහි මූලික කටයුතු නිරීක්ෂන කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමා එදින එම ස්ථානයට පැමිණි අතර සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා මෙම කටයුතු සංවිධානය කර තිබුණි.

     ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් වල්බිහි වී තිබූ එම භූමිය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර කෙරින. මෙම වැඩ සටහන සදහා යොදා ගන්නා භූමි ප්‍රමාණය නිරීක්ෂණය කල ප්‍රාදේශීය ලේකම් තුමා සිදු කල යුතු කාර්යයන් පිළිබදව උපදෙස් ලබා දුනි. මෙම භූමිය පිලිසකර කටයුතු අවසන් වූ වහාම මෙම වැඩ සටහන ආරම්භ කරන බව සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මහතා පැවසීය. සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ එම්.කේ. සුමිත් කිත්සිරි මහතාගේ ද සහයෝගය මේ සදහා නොඅඩුව ලැබී තිබුණු අතර පාසලේ ගුරුවරුන් කීප දෙනෙකුද මේ අවස්ථාවට සම්බන් ද වී සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

සති අන්ත නිවාඩුවත් රාජකාරියට යොදවා දිළිදු පවුලකට සෙවනක් ලබාදෙන සමෘද්ධි නිලධාරීන්


    මැදිරිගිරිය දියසෙන්පුර කලාපයේ 110 දම්සෝපුර වසමේ අංක 1/27 ඉඩමේ පදිංචි ආර්.එම්. ජයසිංහ සමෘද්ධි සහනාධාරයවත් නොලබන අන්ත අසරණ පවුලකි. දරුවන් තිදෙනෙකුත් බිරිදත් ස්වාමියාගේ මවත් ඉතා සෙනෙහසින් මෙම නිවසේ කාලය ගෙවන්නේ ජයරත්න මහතා දෛණිකව උපයන කුලී ආදායමෙනි. දිළින්දන් සොයා යන තම රාජකාරියේදී වසමේ රාජකාරියේ නියුතු කමලා වීරසේකර මහත්මියට මෙම පවුල පිළිබදව දැනගන්නට ලැබුණි. එවක සේවයකල සමෘද්ධි කළමණාකරු ඩි.ජි. විමලරත්න දැල්පිටිය මහතා සමග සහ හිතවත් සමෘද්ධි නිළධාරීන් සමග මේ පවුල පිළිබදව හඩ අවධිකලේ කලාප කාර්යාලීය රැස්වීමේ අතරතුරදීය.

   සියළු තොරතුරු සටහන් කරගත් දැල්පිටිය මහතා තම සහෝදර නිලධාරීන් සමග මෙම ගෘහය පරීක්ෂාකර බැලුවේ තමාගෙන් සමාජයට ඉටුවිය යුතු සමාජ සත්කාරයක් ඉතුරුවී ඇත්දැයි පසක්කරමිනි. පරික්ෂාවෙන් අනතුරුව මහ සංගම් අධ්‍යක්ෂක සුගත් තුමාර මහතා දුරකථනයෙන් අමතා මේ පුවත සැලකර නව නිවසක් ඉදිකිරීමට සමාජ සංවර්ධන පදනම හා සම්බන්ද වුණි. ඒ අනුව රු.50000/=ක් සමාජ සංවර්ධන පදනමෙන් ලබාගෙන වැඩ ආරම්භ කරගෙන යෑමේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මැතිතුමා තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රු.50000/=ක්ද ලබාදී ඇත්තේ මෙම පවුලේ හෙට ලොව දකින දරුවන් තිදෙනෙකුද සිටින බැවිනි.



    2017 සියළු නිලධාරීන් ස්ථාන මාරුවීම්ද ගැටළුවක් නොවූ මෙම කලාපයට නව කළමණාකරු වශයෙන් මිල්ටන් රාජපක්ෂ මහතාටද මෙම නිවසේ ඉදිකිරීම් සදහා දායකත්වය ලබා දීමට ලැබීම මහගු පුන්‍යකර්මයක් බවත්, සියළු සමෘද්ධි නිලධාරීන් නොපැකිළිව මේ සදහා දායකත්වය ලබාදුන් බවත්, සමෘද්ධි නිලධාරීන්ගේ පුද්ගලික පරිත්‍යාග රු.50000/=ක්,සහ සති අන්ත ශ්‍රම දින 30ක් ද, වෙනත් පරිත්‍යාග රු.50000/=ක් සහ මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති තුමා සහ කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිරිගිරිය නිලධාරීන්, ළමා ප්‍රවර්ධන නිලධාරී, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් ඉතාමත් සතුටින් සහයෝගය ලබාදුන් බවත් එතුමා සදහන් කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

දෙමහල් රංග ශාලාව සිසු අයිතියට


    වයඹ  පළාත් අධ්‍යාපන  අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මැතිතුමා විසින් වෙන්කරන ලද පළාත් සභා අරමුදල් මිලියන 9 ක මුදලක් වැය කර නිම කරන ලද හලා /වෙන්/  ශ්‍රි  රාහුල ප්‍රථමික විද්‍යාලයේ  දෙමහල් රංග ශාලාව   අමාත්‍ය තුමන් අති්න් සිසු අයිතියට පත්කිර්ම  පසුගියදා (31) උත්සවාකාරයෙන්  පැවැත්වුනි. මේ අවස්ථාව සදහා වයඹ පළාත් සභා මන්ත්‍රීවරැන්, හලාවත අධ්‍යාපන කලාපායේ   නිලධාරි මහත්ම මහත්මින් හා දෙමාපියන් විශාල පිරිසක  සහභාගි විය.

සි. ප්‍රි්ති  උදය සිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Tuesday, August 1, 2017

සමෘද්ධි වවසායකයන්ට නව්‍ය අලවිකරණ උපකම පිළබඳ පුහුණු වැඩ සටහනක්


     හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  සමෘද්ධි වවසායකයන්ට නව්‍ය අලවිකරන  උපක්‍රම පිළබඳව දැනුම වර්ධනය කිරිමේ එක් දින පුහුණු වැඩ සටහනක් හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි  පසුගියදා (25) දින පැවැත්විණි.    

    මෙහිදී සිය නිෂ්පාදනයන් පිළිබදව එක් එක් නිෂ්පාදකයා සමග ඔවුන්ගේ ගැටලු හා නව්‍ය අලෙවි ක්‍රම පිළිබදව අදහස් හුවමාරැ කර ගනිමින් සිය පලපුරැද්ද බෙදා ගැනීමට සම්පත් දායකයන් ලෙසින් සහකාර අධ්‍යක්ෂ මණ්ඩලවත්ත  සහ සහකාර අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ජයසේකර මහත්වරැන් විසින් හරවත් දේශන පැවැත්විය. මෙහිදී මිල ගණන්, තරග කරැවන් හා ගැටෙමින් සිය නිෂ්පාදන තරගකාරි ලෙස අලෙවි කරන ආකාරය පිළිබදව සාඛච්චාවට බදුන් කෙරිණි.

    මෙම අවස්ථාවට මුලස්ථාන  කලමණාකරු කේ.එච්. ගොතික්, ව්‍යාපෘති කලමණාකරු අනෝමා ශ්‍රීමති, බැංකු සමිතියේ කලමණාකරු ප්‍රියානි දේවිකා යන මහත්මීන් අැතුලු වවසායකයන් විශාල පිරිසක් සහභාගි විය. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

සමෘද්ධි දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධානය බිහිවේ..... සභාපති ගමට..........


    පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධානය පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 07ක් නියෝජනය කරමින් ගරු සභාපති මහත්ම මහත්මීන් සහභාගී වූ අතර අවුරුදු 21ක සමෘද්ධි වැඩසටහනේ ගමන්මගත් සමග සමෘද්ධි පනතින් ග්‍රාමීය ප්‍රජාවට තම අදහස් හා යෝජනා දෙපාර්තමේන්තු ඉහල නිලධාරින් හා සෘජුව ගෙන ඒමේ මහගු අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැක.

    පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධාන ගරු සභාපති තුමා වශයෙන් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 92 කවුඩුලුවැව ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජාමූල සංවිධානයේ ගරු සභාපති ඩබි.එල්. ප්‍රියන්ත විජේසිංහ මහතා තේරී පත්විය.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව