Monday, May 8, 2017

හැකියාවට ශක්තියක් වූ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන

සිය සහජ හැකියාව උපයෝගී කර ගනිමින් ත්‍රී රොද රථ පින්තාරු කිරීමේ වැඩපලක් පවත්වා ගෙන යන නියාගම කලාපයේ දූවේගොඩ ග්‍රාම නිලදාරී වසමේ කේ.ජේ. සෝමසිරි මහතා ක්‍රමක් ක්‍රමයෙන් දියුණුවේ මාවත කරා පිය නගමින් සිටී. ආරම්භයේ ඉතා සුළුවෙන් පටන් ගත් මෙම කටයුත්ත මේ වන විට සීග්‍ර දියුණුවක් ලබා ඇත. එම ස්ථානයේම වාහන සේදීමේ කාර්යද මොහු විසින් පසුගියදා ආරම්භ කරන ලදී. නියාගම සමෘද්ධි බැංකු සංගමයෙන් මේ සඳහා ණය පහසුකම් ලබාගත් ඔහුට 2015  වසරේ ජීවනෝපාය වැඩසටහන මනා ශක්තියක් විය.

ඔහුට එම වැඩසටහන හරහා පෑස්සුම් උපකරණයක් සහ කම්ප්‍රෙෂරයක් ලබා ගැනීමට හැකි විය. එය තමාට මෙම කර්මාන්තය කරගෙන යාම සඳහා ලැබුණු විශාල ශක්තියක් බව ඔහු පවසයි. එසේම තමාගේ මෙම කර්මාන්තය දියුණු කරගැනීම සඳහා නියාගම සමෘද්ධි ප්‍රජාමූල බැංකුවෙන් ලබාදෙන සහයෝගය ඔහු කෘතවේදීව සිහිපත් කරයි. මෙම සෑම කටයුත්තකදීම දූවේගොඩ වසමේ සමෘද්ධි සංවර්ධන නිලදාරී කේ.ජී. රංජිත් මහතා තමාට නිරන්තර සහයෝගයක් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

බී.එච්.ඒ.ප්‍රසන්න
ප්‍රාදේශීය සන්නිවේදක

නියාගම
ග්‍රාම නිලධාරීණියට සෙත් පතා පිංකම් මාලාවක්  ගොනාපීනූවල නිග්‍රෝධාරාමයේ දී
රාජකාරි කටයුත්තක් අතරතුර හදිසි රිය අනතුරකට ලක්වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංක 66 අළුත්වල ග්‍රාම නිලධාරී වසමට අනුයුක්තව සේවය කල ග්‍රාමනිලධාරී ධනුෂිකා ක්‍රිෂානි මහත්මියට ඉක්මන් සුවය පතා ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලායීය සියලූ අංශ වලට අයත් කාර්ය මංඩලය හා ප්‍රාද්ශවාසීන් එක්ව පිංකම් මාලාවක් මේ දිනවල දී ගොනාපීනූවල නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.


ඒ අනුව කිරි ගවයෙකු නිදහස් කිරිම හා බෝධි පුජා මාලාවක් පැවැත්වීම ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදුකෙරිණි.

ප්‍රභාත් නිශාන්ත
   සමෘද්ධි සංනිවේදක - ගෝනාපීනූවල
සමෘද්ධි අභිමාණී අලෙවි ප්‍රදර්ශනයක් හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී
හික්කඩුව සමෘද්ධි ප්‍රජා මුල සමිතියේ සංවිධාන ශක්තියෙන් හා ව්‍යාපෘති කලමණාකරු  එම්. ටී. අනෝමා ශ්‍රීමතී මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කල සමෘද්ධි අභිමාණි වෙළද ප්‍රදර්ශනය හා අලෙවි පොළ පසු ගිය 11 සහ 12 යන දිනයන්හි දී දවස පුරා හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.


හික්කඩුව ප්‍රාදේශිය ලේකම්  ඩබ්ලිව් .එස්. සත්‍යානන්ද මහත්මාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භය සනිටුහන් වු සමෘද්ධි අභිමාණී අලෙවි ප්‍රදර්ශනය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් සමෘද්ධිලාභි වව්‍යසායකයන් විශාල පිරිසක් සහභාගී තිබීම කැපී පෙනිණ.

මෙම අලෙවි ප්‍රදර්ශනය සඳහා හික්කඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.එන්.පී. කුලරත්න මහත්මිය, ගනකාධීකාරී ටී.ඩී. මනම්පේරි මෙනෙවිය, සැලසුම් අධ්‍යක්ෂ දෙපල, දිවි නැගුම මූලස්ථාන කළමණාකරු කේ.එච්. ගොතික් මිය , කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රියානි දේවිකා මහත්මිය , සියලූම කලාප කළමණාකරුවන් ද ,දිවි නැගුම සංවර්ධන නිලධාරින් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි ඇතුළු පිරිස සහභාගීවිණි.

එම්. අනෝමා මෙන්ඩිස්

   සමෘද්ධි සංනිවේදක - හික්කඩුව
කරන්දෙණිය ප්‍රතිභ කැකුළු ළමා සමාජ අලූත් අවුරුදු උළෙල
කරන්දෙණිය අගලූගල්ල කල්යාණ ප්‍රතිභ කැකුළු ළමා සමාජයේ අලූත් අවුරුදු උත්සවය පසුගිය 11 දින දවස පුරා කරන්දෙණිය, අගලූගල්ල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි. 
මෙම අවස්ථාවට සමෘද්ධි කලමණාකරුවන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. ජන ක්‍රීඩා රාශියකින් වර්ණවත් වු මෙම අලූත් අවුරුදු උළෙල අවසානයේදී විදුහල්පති ඇන්ටන් පවල්ගේ මහතාගේ මෙහෙයවීමෙන් සංගීත ප්‍රසංගයක්ද පවත්වන ලදි. මව්පියන්ගේ සහ දරුවන්ගේ ඉතා ඉහළ උනන්දුවක් මෙම අලූත් අවුරුදු උත්සවය හා සංගීත ප්‍රසංගය සදහා පැවතිණී. අවුරුදු උත්සවය සමාජ සංවර්ධන නිලධාරී ජයවර්ධන මහතා සහ වසමේ නිලධාරී එස්. එල්. ජයවීර මහතා විසින් සංවිධානය කරන ලදි.


එල්. පී වසන්ත කුමාර

  සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය