Tuesday, July 4, 2017

මැදිරිගිරියේ සමෘද්ධී ගමන් මග 2017

    මැදිරිගිරිය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කම්ටු රැස්වීම 2017.06.29 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතාගේ මූලිකත්වයෙන් ගරු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටු සභාපති සිඩ්නි ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. සියළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතය වල ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගිවී සිටි අතර 2017 සමෘද්ධි වැඩසටහන පිළීබදව  මේ දක්වා ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ඉදිරිපත් කරන ලද්දේ මැදිරිගිරිය සමෘද්ධී මූලස්ථාන කළමණාකරු වන එස්.එම්. දුරුතු කුමාරි මහත්මිය විසිනි.

     එ අනුව ජිවනෝපාය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් පවුල් 35 වෙනුවෙන්ද, අලෙවි සංවර්ධන වැඩසටහනට රුපියල් ලක්ෂ 02ක මුදලක් ප්‍රකතිලාභින් 08 දෙනෙක් සදහාද, පුහුණු හා දැනුවත් කිරිමේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් 187000/=ක් වෙන්වී ඇති බවත්, හරිත උයන වැඩසටහනට රුපියල් 60000/=ක මුදලක් සහ ආදර්ශ ගම්මාන ජීවනෝපාය සංවර්ධනය සදහා ලක්ෂ 20ක්ද, එම ගම්මානයේ යටිතල පහසුකම්  වෙනුවෙන්  ලක්ෂ 20ක්ද  වෙන්වී ඇති  බවත්, අඩු ආදායම්ලාභින්ගේ නිවාස සංවර්ධනය සදහා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ නිවාස 06ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් මෙම වසර තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අනුමත වී ඇති බව සදහන් කරන ලදි.

     සමස්ථ වෙන්වී ඇති මුදල රුපියල් 6647000 /= ක් වන අතර 2017.01.01 සිට 2017.05.31 දින දක්වා සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවීම් සිද්ධීන් 1311 සදහා රුපියල් 3292750/= බවත් වැඩිදුරටත් මූලස්ථාන කළමකාර තුමිය සදහන් කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Monday, July 3, 2017

තාරැණ්‍යයට ශක්තිය වු සමෘද්ධි ණය වැඩසටහන

    තරුණ ශත්කිය අපතේ යවමින් බෝක්කු පාලම් උඩ රස්තියාදු ගසන රත්වන ලේ වලින් පිරි තරුණ පරපුරේ තරුණයන් අතර තම ශත්කිය ආදායම් උපදවීම සදහා යොදා ගත් තවත් එක් තරුණයකු වු තල්ගස්වල දියකිතුල් කන්ද කේ. ටී. ඉන්දික තේ තවාන් කර්මාන්තයේ නියැලෙන සමෘද්ධි සහණාධාරය නොලබන පවුලක තරුණ ව්‍යවසායකයෙකි.

     ගමිමානයේ තරුණ පරපුර අතර ජනප්‍රිය වෙමින් පවතින සමෘද්ධි ණය වැඩසටහන පිළිබදව දැන ගත් ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියා හමුවී ණය වැඩසටහන හා සමෘද්ධි ව්‍යාපාරය පිළිබදව මුලික දැනුම ලබා ගැනීමෙන් අනතුරුව සමාජිකත්වය හා කුඩා කණ්ඩායම් ගතවිණි. කුඩා කණ්ඩායම් රැස්වීමි තුලින් තරුණ ව්‍යවසායකයන් විශේෂයෙන්ම දැනුවත් කිරිම හා මග පෙන්වීම සිදු කරන  නිලධාරින් සිය දැනුම හා පලපුරුද්ද යොදවමින් තරුණ ශත්කිය නිසිලෙස කළමණාකරනය කරයි.

      ඉන්දික පිළිවලින් ණය වැඩ සටහන හා සම්බන්ද වෙමින් මේ වන විට රු 125000.00 දක්වා වු ණය මුදල් ලබා ගෙන ප්‍රදේශයේ ඉතා සාර්ථක තරුණ ව්‍යවසායකවකු බවට පත් වී ඇත. මෙවන් තරුණ ව්‍යවසායකයන් බිහි කරන සමෘද්ධි ව්‍යාපාරය සමග එක් වන්නට ලැබීම තම ජීවිතයේ වැදගත්ම මංසන්දිය වු බව අප සමග පැවසුවේ ආඩම්බරය පිරුනු හඩකිණි. පිණිකහන සමෘද්ධි බැංකු කළමණාකරු චන්ද්‍ර ලියනගමගේ, හිටපු නිලධාරි කපිල කාරියවසම් හා වර්ථමාන නිලධාරි බන්දුල නිහාල් යන මහත්ම මහත්මින්ට සිය ස්තුතිය පුද කිරිමටද ඔහු අමතක නොකලේ කෘතගුණ දත් තරුණයකු බව අපටද මතක් කරමින්ය.

ප්‍රදීප් චන්දන නානායක්කාර
දුගී බවට විසදුම් සොයා සජීවීකරණ පුහුණු වැඩසටහන්

   මැදිරිගිරිය 86 ගජබාපුර ග්‍රාම නිළධාරී වසමේ උදාර සහ ප්‍රගති සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන විසින් පසුගියදා “ දුගී බවෙන් මිදෙන්නේ කෙසේද.... ? දුප්පතුන්ට කුඩා කණ්ඩායමක් අවශ්‍ය ඇයි..? ’’ යන තේමාව මුල්කරගෙන සමාජ සජීවිකරණ පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.


    විඩියෝ පට උපයෝගී කරගෙන මෙම වැඩසටහන් පැවැත්වූ අතර කණ්ඩායම් වලට බෙදී තමන් විසින්ම දුගී බවට විසදුම් සෙවූ අතර, විවිධවූ බැදීම්, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නොගැනීම, අඩු ඉතිරිකිරීම්, සෘණ ආකල්ප, භාර්යාව නිකරුනේ කාලය ගෙවිම, අලසකම, මනා කළමණාකරනයක්  නොමැතිකම, ආත්ම විශ්වාසයක් නොමැතිකම, විවධවූ සම්පත් සොයා නොගැනීම, වැනි දුගී භාවයට හේතු ඔවුන්ම සොයා ගන්නා ලදි.

    දුප්පතුන්ට කුඩා කණ්ඩායමක් අවශ්‍ය වන්නේ ඇයි යන්න සාකච්ජාවේදී ඔවුන්ගේ ජීවන ගැටළු තනි තනිව විසදා ගැනීමට නොහැකි වීම, බිද වැටී ඇති සාමූහිකත්වය වර්ධනය කර ගැනීම හා සාමූහිකත්වය නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ කර ගැනීම, යටපත් වූ ශක්තීන් වර්ධනය කර ගැනීම, මෙතෙක් බිහිවි ඇති සංවිධාන වලින් දුප්පතුන්ගේ ගැටළු වලට විසදුම් නොලැබීම වැනි කරුණු මෙම පුහුණු සැසියේදී සාකච්ජාවට භාජනය කලේ පුහුණු සැසියට ආරාධනා ලැබ සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරී, සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක ඩි.එම්.පි.කේ. දිසානායක මහතා විසිනි.

එම්.පි.ඩඩ්. මල්කාන්ති
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

Saturday, July 1, 2017

‘‘සමෘද්ධි ගමනට” පොළොන්නරුවෙන් හරසර


    පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක සමෘද්ධි වැඩසටහන් පිළිබදව  සමෘද්ධි ගමන රටටම කියද්දි පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා සමාද්ධි ගමනේ ගමන් මග දැක  සමෘද්ධි ගමනට සුභ පතන්නට එක් විණි.

අධ්‍යක්ෂක තුමා එතුමාගේ හඩ අවධිකලේ.......
    සමෘද්ධි ගමන පිළිබදව මම  අවදානය යොමු කලා මගේ පොළොන්නරුවේ විවිධ වූ සමෘද්ධි වැඩසටහන් සමෘද්ධි ගමනේ සටහන් වෙලා තිබුණා... ඒක මට හරිම සතුටක්, අපි මේ සමෘද්ධි ගමන ගමටම ගමේ දොර උළුවස්සටම අරගෙන යන්ඩ ඕනෑ, ගමින් ගමට දොරින් දොරට ගිහින් අහිංසක මිනිසුන්ගේ දුක කදුල හදුනාගෙන  දහඩිය සුවදක් කර ඔවුන්ගේ අනන්ත වු ප්‍රශ්ණ ගැටළු, විවිධවූ බැදීම්, දක්ෂතා සහ කුසලතා හදුනාගෙන ඔවුන්ට උදව් කරන්ඩ ඕනෑ. අපේ රටේ මෙවැනිම අහිංසක මිනිසුන්ගේ අත්දැකීම් හුවමාරු කරගන්ඩ අවශ්‍යයි... ඒ සදහා දැන් අපට සමෘද්ධි ගමන ඉන්නවා... මම මාගේ සමස්ථ නිලධාරීන් හා බද්ධව සමෘද්ධි ගමනට සුභ පතනවා.... දහඩිය කදුල සුවදක් කර අනේක වූ දුක් විදින ජනතාවට සමෘද්ධි ගමන  සුවදක් වේවා.....  

   නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමා එසේ කියද්දී ගමන  යහපත් ගමනක් යන්නට සැරසෙන බව  තහවුරු වීමෙන්, එතුමාගේ සියලු බලාපොරෙත්තු ඉටු වන්නට   සමෘද්ධි ගමනට අපද හදවතින් සුභ ප්‍රාර්ථනා කරමු.

ඩි.එමි.පි.කේ.දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව


ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි සමාජ සංවර්ධන පදනම රැස්වේ

     දුප්පත්කම අවම වු සමෘද්ධිමත් දේශයක් ගොඩනැගිමේ අරමුණ පෙරදැරිව අවාසි සහිත තත්වයන්ට පත් කාන්තාවන්, ළමයින්, තරුණ තරුණීයන් ,වැඩිහිටියන් වැනි සමාජ කොටස්වල සමාජ අභිවෘද්ධිය හා ආර්ථික වර්ධනය අරමුණ පෙරදරිව පිහිටුවා ඇති සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ ගාල්ල දිස්ත්‍රික් පදනමේ රැස්වීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වින.

   දිස්ත්‍රික් ලේකම් වරයා විසින් සභාපතීත්වය දරණ මෙම පදනම සදහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මුලස්ථාන පොලිස් පරික්ෂක, දිස්ත්‍රික් සුරාබදු කොමසාරිස්, දිස්ත්‍රික් බන්ධනාගාර කොමසාරිස්, දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරි, පළාත් සභා මත්ද්‍රව්‍ය නිළධාරි, දිස්ත්‍රික් ක්‍රිඩා නිළධාරි ඇතුඵ රාජ්‍ය නිළධාරින් මෙන්ම ප්‍රදේශයේ ක්‍රියාකාරි රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්ද සහභාගී වේ. සමෘද්ධී මත් නිවාරණ කොඩි වැඩසටහනින් හා වෙනත් දානපතියන්ගේ උපකාරයෙන් ලැබෙන අරමුදල් වලින් ප්‍රදේශයේ ජනතාව වෙත සෙත සැලසෙන ව්‍යාපෘති හදුනාගෙන මේ යටතේ ක්‍රියාවට නංවනු ලබයි.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් සමාජ සංවර්ධන පදනම මගින් ඉදිරි වර්ෂයේදී අඩු ආදායම් ලාභී නිවාස දෙකක ඉතිරි වැඩ සදහා රුපියල් ලක්ෂයක මුදලක්ද, අඩු අදායම් ලාභි දරුවන් 04 දෙනකු සදහා අධ්‍යාපන ශීෂ්‍යත්ව ලබා දීමට රුපියල් හතලිස් අට දහසක්ද, ගංවතුරින් විපතට පත් සමෘද්ධිලාභි දරුවන් 50 දෙනකු සදහා පාසැල් උපකරණ ලබා දීමට රුපියල් තිස්හත්දහස් පන්සියයක්ද සමෘද්ධි කැකුඵ ළමා සමාජ දිස්ත්‍රික් තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම සදහා රුපියල් පනස් දහසක මුදලක්ද වෙන් කරනු ලැබීය.

    ඉදිරි වර්ෂය සදහා පදනම වෙත අරමුදල් ලබා ගැනීම හා ගාල්ල දිස්ත්‍රික්කයේ දර්‍රද්‍රතා දර්ශකය අවම කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහිද දැඩි අවධානය යොමු වු අතර ඒ සදහා අවශ්‍ය කටයුතු සොයා බලා කඩිනම්න් යෝජනා ඉදිරිපත් කරණ ලෙස දිස්ත්‍රික් ලේකම් තුමා නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාව සදහා සියඵ අංශ නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරින් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ද පිරිසක් සහභාගී වි සිටියහ.

ඩී.ඒ.පී සුරංජිත්
දිස්ත්‍රික්  සන්නිවේදක
නරාවල ප්‍රියංගන කුමාරට සමෘද්ධියෙන් නිවසක්
     
    බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෝද්දල සමෘද්ධි කළාපයේ නරාවල ග්‍රාම නිළධාරී වසමේ පදිංචි එච්.එම්. ප්‍රියංගන කුමාර මහතා තම බිරිද හා පාසැල්යන වයසේ පසුවන දරුවන් දෙදෙනා  සමග ජීවත්වූයේ කටුමැටි ගැසූ කුඩා ගෙපැලකය.බිරිදටද රැකියාවක් නොමැත. ප්‍රියංගන කුමාර මහතා එදිනෙදා යෙදෙන කුලී වැඩක නියැලෙන ස්ථීර රැකියාක් නොමැති අයෙකි. ඔවුන් පදිංචිව සිටි කටුමැටි ගැසූ කුඩා ගෙපැල පසුගියදා ඇතිවූ අධික වර්ෂාවත් සමඟ බිමට සමතලාවිය. ඔවුන්ගේ බලාපොරොත්තුද  ඒ සමගම බිමටම සමතලා වූයේ කිසිවෙක් නොසිතූ අන්දමිනි.   එච්.එම්. ප්‍රියංගන කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් සඳහා සමෘද්ධි සහනාධාර ලෙස මසකට රු.3500/=ක හිමිකම් ලබන  සමෘද්ධි ප්‍රතිලාභී පවුලකි. අසරණ තත්වයට පත්වු මෙම පවුල එම පවුලේ ඥාතීන්ගේ  හා අසල්වාසීන්ගේද සහයෙන් තාවකාලික කුඩා නිවසක් තනාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් බොහෝ අපහසුතා මැද තම ජීවිකාව ගෙනයන ලදී.


   ප්‍රියංගන කුමාර මහතාගේ බිරිඳ නරාවල සමෘද්ධි සමිතියේ ක්‍රියාශීලී සාමාජිකාවකි. සමෘද්ධි සමිතිය රැස්වූ අවස්ථාවේ වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී එච්.කේ. ගුණසිරි මහතා විසින් සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන පිළිබඳව කරනු ලැබූ දැනුවත් කිරීමට අනුව ප්‍රියංගන කුමාර මහතාගේ බිරිඳ විසින් තම පවු‍ලේ සාමාජිකයින් ගෙවන ජීවිතය පිළිබඳව සමෘද්ධි සමිතියේදී තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සමෘද්ධි සමිතියේ සියළු සාමාජිකයින්ගේ එකඟතාවයෙන් සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන යටතේ ප්‍රියංගන කුමාර මහතාගේ නිවස තනාදීම සුදුසු බවට තීරණය කරන ලදින්, වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී එච්.කේ. ගුණසිරි මහතා විසින් සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් එක්ලක්ෂ පනස්දහසක(රු.150000/=) මුදලක් අනුමත කරදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදී.

    ඒ සඳහා පෝද්දල සමෘද්ධි කළමණාකාරිනී රුක්මනී දේවිකා මහත්මියද අවශ්‍ය සහයෝගය ලබාදෙන ලද්දේ පවුලේ අසරණකම සියැසින්ම නිරීක්ෂණය කිරීමෙනි. සමෘද්ධි කළමණාකාරිනී රුක්මනී දේවිකා මහත්මියද මෙම කාර්‍යය සදහා දක්වන ලද උනන්දුව මත බෝපේ-පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ මූලස්ථාන කළමණාකාරිනී චම්පා කොඩිකාර මහත්මියද, බෝපේ-පෝද්දල සමෘද්ධි බැංකු සමිති කළමණාකාරිනී ක්‍රිෂ්ණා ප්‍රියංගනී මහත්මියගේද උනන්දුව මත  ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලදී. කොට්ඨාසයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර සමන්ත ගුණසේකර මහතාගේ හා වසමේ සංවර්ධන නිළධාරී මහතාගේ මැදිහත්වීමෙන් එම අසරණ පවුල සඳහා නිවස ඉඳිකිරීමට අත්තිවාරම දැමීමට කටයුතු කරන ලද්දේ 2017/06/12 දින පෙ.ව.09.02ට යෙදුනු සුබ මොහොතිනි.

    මෙම අවස්ථාව සඳහා බෝපේ-පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් රැසක් සහභාගීවූ අතර, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා තම ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට එක්වූ බෝපෙ-පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති කළමණකරු සුනේත්‍රා මුදලිගේ මහත්මිය විසින් 2017 ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ ජීවනෝපාය උපකරණ ලබාදීම පිණිසද කටයුතු කරන ලද්දේ එම පවුලේ ජීවන තත්වය උසස්කරලීම පිණිස අවශ්‍ය සහය ලබාදෙමිනි.


සරත් පලිහපිටිය ගමගේ
සමෘද්ධි සන්නිවේදක -
බෝපේ පෝද්දල
දුම්වැටි විරෝධී කොඩි අලෙවියෙන්  රැස්⁣කල මුදල් සමාජ සංවර්ධන පදනම

    වෙන්නප්පුව  සමෘද්ධි  ප්‍රජාමූල බැංකුවට ආදාලව   ග්‍රාම නිලධාරි  වසම්හි  ප්‍රජාමූල සංවිධාන වල සාමාජික සමාජිකාවන්  එක්ව  දුම්වැටි විරෝධී කොඩි අලෙවියෙන්  රැස්⁣කල මුදල් සමාජ සංවර්ධන පදනම  වෙනුවෙන් කළමනාකාරතුමා බාරදිම පසුගියදා  වෙන්නප්පුව  සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේදී සිදු කෙරිණි.  .මේ අවස්ථාව සදහා සමෘද්ධි සංවර්ධන  නිලධාරින් හා සභාපති වරැන් සහභාගි විය. කළමනාකාරතුමා එම මුදල් ගණනය කරන අවස්ථාව ඡායා රෑපයේ දැක්වේ




ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක -
වෙන්නප්පුව