Wednesday, August 8, 2018

පිරිපුන් මිණිසෙකුවී රට දැය බබළවමු...... සමෘද්ධි සිප්දොර 2018-2020......


   අද අපේ බොහෝ දරුවන් පොත පතේ දැනුමට පමණක් සීමා වෙලා, සමාජීය දැනුම මෙන්ම සංස්කෘතික හා සාහිත්‍ය රසාස්වාදය කෙරෙහි නැබුරුවක් නැහැ.පොත පතෙහි දැනුමට මේවත් එකතුකර ගැනීම තුලයි පිරිපුන් මිනිසෙකු මෙළොවට බිහි වෙන්නේ.දෙමව්පියන් පොත පතට වැඩි නැබුරුතාවයක් දැක්වීම තුල තම දරුවන්ද ඒ කෙරෙහි නැබුරුතාවයක් දක්වනවා. දිවුලන්කඩවල ජාතික පාසැලේ විදුහල්පති පේමකුමාර වීරක්කොඩි මහතා පසුගියදා පැවති සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලාභීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණි දරුදැරියන් හා දෙමව්පියන් අමතා මේ බව ප්‍රකාශ කලේය.

    මෙම සම්මුඛ පරීක්ෂණය සදහා සමෘද්ධිලාභි පවුල් වල දරුදැරියන් 125 දෙනෙක් සහභාගිවී සිටි අතර 2018 -2020 සිප්දොර ශිෂ්‍යත්ව සදහා 58 දෙනෙක් තේරී ඇති බව සමෘද්ධි ගමනට දැනගන්නට ලැබුණි.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් පි.ටි.එම්. ඉර්පාම් මහතා, දිවුලන්කඩවල ජාතික පාසැලේ විදුහල්පති පේමකුමාර වීරක්කොඩි මහතා සහ මූලස්ථාන කළමණාකරු දුරුතු කුමාරි මහත්මිය සහභාගිවන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

සමෘද්ධි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සදහා සමෘද්ධි ව්‍යවසායක සංවර්ධන ණය වැඩසටහන


  වසර  තුනක් සමෘද්ධි ඛැංකු සංගමයේ සාමාජිකත්වය පැරණි ව්‍යවසායකයින් සදහා සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන ණය වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්  හදුන්වා දි ඇත. 

  මෙි පිළිබඳ කොටිඨාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් ,පාලන මන්ඩල සභාපතිවරැන් ඇතුළු ප්‍රජා මුල නිලධාරීන් දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ උපදෙස් අනුව 2018.08.02 වන දින ප.ව.3 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි .ව්‍යාපෘති කලමනාකරු ඞබි.එච් .කේ. සුනිල් මයා, බැංකු සමිති කලමනාකරු නිමල් වික්‍රමසිංහ මහතා ,මුලස්ථාන කලමනාකරු ටි.ජි.නන්දනි මිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

Wednesday, August 1, 2018

හිසට සෙවන දෙන සමෘද්ධි දිරිය පියස ...........


  දිලිදුකම පිටුදැකිම වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක දැවැන්තම ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරයයි. අඩු ආදාම්ලාභී දිලිදු ජනතාව නගා සිටුවන්නට ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික යන අංශ ආවරණය වන පරිදි විවිධවු වැඩ සටහන් සෑම වර්ෂයකම ක්‍රියාත්මක කරනු ලැබේ.

   ඒ යටතේ දිරිය පියස නිවාස වැඩ සටහනට හිමි වන්නේ සුවිශේෂි වු ස්ථානයකි. හිසට සෙවනක් ඉදිකර ගැනිමට වරම් අහිමිව, දරුවන් සමග අනාරක්ෂිතව ජීවත් වන අසරණ පවුල් වලට ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම, සමාජයේ අවධානයෙන් ගිලිහෙමින් සිටින අසරණ පවුල් වලට සෙවන ලබා දෙමින්, ඔවුන්ගේ දරුවන් පිලිබද අවධානය යොමු කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගැනිම මෙම වැඩ සටහනේ ප්‍රමුඛ අරමුණයි.

   ඒ යටතේ ඉමදුව ප්‍රාදේශි ලේකම් කොට්ඨාශයේ නිවාස තුනත් ඉදිකිරිමට යොජිත වි ඇති අතර  ඉන් නිවාස දෙකක් සදහා මුල්ගල් තැබිම පසුගිය 2018.07.12 වන දා ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ ඉමදුව කලාපයේ දීගොඩ ග්‍රාම නිලධාරි වසමේ මහත්මියගේ සහ හවුපේ කලාපයේ හවුපේ වසමේ ලක්සිරි ජයන්ත මහතාගේ නිවාස සදහායි. රුපියල් ලක්ෂ දෙකක මුදල ප්‍රතිපාදන මේ සදහා ලැබෙන අතර ප්‍රදේශවාසි , ප්‍රභු අයගේ උදව් උපකාර ඇතිව වැඩ අවසන් කිරිමට නියමිතයි. මුලස්ථාන කලමණාකරු, සමෘද්ධි බැංකු සමිති කලමණාකරු, ව්‍යාපෘති කලමණාකරු, සමාජ සංවර්ධන සහකාර, ඇතුළු සංවර්ධන නිලධාරින් මෙම අවස්ථාව සදහා සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

හපන්නුන්ට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්


  වෙන්නප්පුව    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  නයිනමඩම  ප්‍රජාමූල බැංකුව  මගින්   සංවිධානය  කරනලද පහේ හපන්නුන් සදහා  ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්  පසුගියදා   නයිනමඩම සාන්ත මරියා ප්‍රථමික විඋුහලේදි  පැවැත්වූනි . ප්‍රදේශයේ   විඋුහ⁣ල්වල  සිසුන්  සම්බන්ධ කරගනිමින්  දේශක  චන්න දේශපිය   මහතා විසින්   මෙය  මෙ⁣හෙවන ලද අතර සිසුන්  සියයකට    වැඩි පිරිසක මේ  සදහා   සහභාගි  සිටි  ආකාරය   ගමන  කැමරා   කාචයේ සටහන් වු අයුරැ   ජයාරැපයේ දිස්වේ.

සි ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පු

දික්කුඹුරේ නව සමෘද්ධි බැංකුව විවෘත වේ...........


  දිවයින පුරා ඇති සියලු සමෘද්ධි බැංකු සංගම් එකම ආකෘතියක් යටතේ ඉදි කිරිමේ නව වැඩ පිලිවෙල යටතේ ඉදිවු ප්‍රථම සමෘද්ධි බැංකුව ඊයේ සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන ගරු අමාත්‍ය  පි.හැරිසන් මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්විය. ඒ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්කඹුර සමෘද්ධි ප්‍රජාමූල බැංකුවයි.

   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව වැඩ පිළවෙල යටතේ රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් වියදම් කරමින් සියලු පහසුකම් සහිතව ඉදිවු මෙම දෙමහල් ගොඩනැගිල්ල තුල බැංකු කාර්යාලය මෙන්ම කලාප කාර්යලයද ඇතුලත්වේ.  කුළි පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක දැඩි දුෂ්කරතා මත පවත්වා ගෙන යනු ලැබු සමෘද්ධි බැංකුව සදහා නව ගොඩනැගිල්ල ලැබිම තුලින් කාර්ය මණ්ඩලයට හා ගණුදෙණුකරුවන්ට මහත් සෙතක් සැලසුන බවත් සමාරම්භක අවස්ථාවේ ගණුදෙණු කිරිම සදහා දෙදහසකට අධික ගණුදෙණුකරුවන් බැංකු පරිශ්‍රය තුල රැදි සිටිබවත් එමගින් රුපියල් ලක්ෂ එකොලහකට අධික මුදලක් තැන්පතු වශයෙන් ලැබු බව බැංකු කලමණාකරු එම්.යු. රංජිත් මහතා පැවසීය.

  ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන, හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක තාරක නනායක්කාර,සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ජේ.දඩල්ලගේ, බැංකු මූල්‍ය අධ්‍යක්ෂ රංජිත් උදයසිරි, ගාලු මහ දිසාපති, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ,  ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් යන මහත්ම මහත්මීන් සහසමෘද්ධි කලමණාකරුවන්, නිලධාරින් ඇතුළු විශාල ප්‍රතිලාභි පිරිසක් ‍මෙම උත්සව අවස්ථාවට සහභාගි වු අතර ප්‍රවීණ මාධ්‍යෙව්දි සේනක උබේසිංහ මහතා උත්සව අවස්ථාව මෙහෙය වනු ලැබිය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

සමෘද්ධි නිලධාරි ගැටලු සොයන්න සමෘද්ධි ඇමති මාතර


සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයා බලන - මාතර දිස්ත‍්‍රික් වැඩසටහන වැලිගම නගර සභා ශ‍්‍රවණාගාරයේදී පසුගිය 30 වන දින පැවැතිනි. එහි විශේෂ අවස්ථා කැමරා කාචයේ රැදුනු අයුරැ

වෙන්නප්පුවේ සමෘද්ධි ප්‍රගතිය සමාලෝචනයට


   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ   2018  ජුනි මස 30  මුලස්ථාන  ප්‍රගති සමාලොචන රැස්වි්ම  ජුලි මස  31  වෙනි   දින   ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ  රැස්වීම්  ශාලාවේදි මුලස්ථාන  කලමනාකරු කිර්ති මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වූනි . මේ  සදහා  දිස්ත්‍රික් කලමනාකරු  සුගත් මහතාද  ,කොට්ඨාසයේ සියලු කලමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරි සියල්ල   සහභාගි විය.

සි ප්‍රි්ති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව