Wednesday, May 17, 2017

2018 වන විට ලංකාවේ වනගහනය 32% ක් දක්වා වර්ධනය කිරීම උදෙසා
සමෘද්ධි හරිත උයන වැඩසටහන ආරම්භ කෙරේ........
      “අනාගතය උදෙසා වර්තමානය ” සූදානම් කිරීම මිනිසුන් ලෙස අප කාගෙත් වගකීම බව සියළු රට වැසියන්ට අවබෝධ විය යුතු කාලය මේ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද අවැසි ප්‍රමාණයටත් වඩා මේ වන විට සොබාදහම මිනිසුන්ට දඬුවම් දී ඇති බැවිනි. එනිසාම රටට ආදරය කරන අප සියළු දෙනාම  අනාගත පරපුරට නිවහල් නිදහස් රටක් උරුම කරලීමට වගකීම් සහගතව ක්‍රියා කළ යුතු වන්නෙමු.
         මිනිසාගේ අනේකවිධ අවශ්‍යතා හමුවේ පරිසරයේ බොහෝ දේ ඉවක් බවක් නොබලාම විනාශ කිරීමට බොහෝ දෙනා පුරුදු වී ඇත. එහි ප්‍රතිවිපාක විදින්නට සිදු වන්නේ හෙට උපදින දරුවන්ටය. එනිසාම පිරිසිදුව හුස්ම ගැනීමට නිරෝගී පරිසරයක් ගොඩනැගීම අද යුගයේ වගකීම වන්නෙමු.
          එනිසාම දිනෙන් දින මිය යන වනගහනයට ජීවයක් සපයමින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “සමෘද්ධි හරිත උයන් ” නිර්මාණය කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 පුරාම හරිත උයන රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
        මෙහිදී මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත රු.60000/ = මුදලක් ලබා දෙන අතර වෙන් කර ඇති මුළු මුදල රු.එක්ලක්ෂ දාහතර දහසකි. දැනට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම සුදුසු ස්ථාන හදුනා ගෙන ඇති අතර ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු මේ  වන විට  සිදු කරමින් පවතී. 
         2018 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වනගහනය 32% ක්  දක්වා වර්ධනය කරමින් අනාගත පරපුරට නිරෝගී පරිසරයක් දායාද කිරීමේ මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අතර සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ උපදේශකත්වය මත ක්‍රියාවට නංවනු ලබයි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
දිස්ත්‍රික් සන්නිවේදක - ගාල්ල

පොල්කටු හැන්දෙන් දරුවා විශ්ව විද්‍යාලයට යැවු දෙපා වාරු නැති සමන් කුමාර

    ජීවිතයේ මැදි වියට එළබෙත්දීම දෙපා වාරුව අහිමි වීම ඇදහිය නොහැකි අසරණ කමක් ජීවිතයට එක් කරන්නක් බව නොඅනුමානය. එහෙත් නොසිතු මොහොතක සිදුවු හදිසි අනතුරක් නිසාවෙන් දෙපා වාරුව අහිමි වී ගියද නොසැලි ජීවිතයට මුහුණ දෙන දිරිය මිනිසෙකු ගැන අපට අසන්නට ලැබුනේ ගාල්ල හපුගල වටරැක ප්‍රදේශයෙනි. 

තම ව්‍යාපාරය පිලීබද අදහස් දැක්වු ආනන්ද සරත් කුමාර (50) මහතා
    මම ගහකින් වැටිලා සුශුම්නාවට හානි සිදු උනා, ඒ සිද්ධිය නිසා මගේ දෙපා  වලලුකරින් පහළ ප්‍රදේශය අකර්මන්‍ය උනා. එදා නම් පුදුම තරම් අපි අසරණ උනා දරු දෙන්න එක්ක ඉන්න හිටින්නවත් තැනැක් නැතුව හිටිය අසරණ අපිට පිහිට උනේ සමෘද්ධිය. සමෘද්ධියේ නෝනල මහත්තයල ඇවිත් අපි ගැන හොයල බැලුවා මං ඒ වෙද්දි පොල් කටු හැදි හදන්න පටන් අරන් හිටියේ .සමෘද්ධි බැංකුව හරහා රුපියල් ලක්ෂයක ස්වයං රැකියා ණය මුදලක් ලැබුණා ඒ මුදලින් පොල්කටු කපන්න මැෂිමක් හදා ගත්තා. රුපියල් පහලොස් දහසක පාරිභෝගික ණය මුදලකුත් ගත්තා දැන් ඒ ණය හුඟක් ගෙවල ඉවරයි. තව වාරික කිහපයයි ගෙවන්න තියෙන්නෙ සමෘද්ධීයෙන් තමයි  මගේ ගේ හදාගන්න වැසිකිලිය හදා ගන්න උදවු කලේ. සමෘද්ධි වැඩසටහන අපි වගේ මිනිස්සුට ජීවත් වෙන්න දෙන්නෙ පුදුම සහයෝගයක්.ඇත්තටම සමෘද්ධි වැඩසටහන නොවෙන්න අපිට මොනව වෙලාද කියල හිතාගන්නවත් බෑ. මම මගේ දරුවා විශ්ව විද්‍යාගලට යැවුවෙ මේ රස්සාව කරලා ඒකට අත දුන්නේ සමෘද්ධි වැඩසටහන තමයි.

   දිරියෙන් ජීවිතය දිනන්ට වෙහෙසෙන සමන් කුමාරට අද අවශ්‍යව ඇත්තේ ලි කැබලි සිහින්ව කපා ගැනීම සදහා අවශ්‍ය යන්ත්‍රයකි. ඒ සදහා අනුග්‍රහයක් ලබන්නේ නමි තම ව්‍යාපාරය තව තවත් දියුණු කොට තවත් කිහිප දෙනකුට රැකියා සපයන්නටත් සුදානම් බව ඔහු පවසයි .සමෘද්ධි ව්‍යාපාරයේ සෙවන යට අද වන විට සමන් කුමාර හා ඔහුගේ පවුල ජීවන ගමන ජයගන්නට මාර්ගය සොය ගනිමින් දිරියෙන් ඉදිරියට යමින් සිටී. 




 ඩී.ඒ.පී සුරංජිත්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක
ගාල්ල
වැලිවිටිය දිවිතුර දී සමෘද්ධි බක්මහ උලෙළ දෙකක්
   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිවයින පුරා විසිර පවත්නා සමෘද්ධි බැංකු 1074 ක බක්මහ උලෙළ පැවැත්වීමට දියත්කල වැඩසටහන යටතේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැංකු දෙකක බක්මහ උලෙළ පවත්වන ලදි.
     වැලිවිටිය දිවිතුර ප්‍රදේශීය මහ ලේකම් අයේශා ගුණතිලක කාරියවසම් මහත්මියගේ ප්‍රධානවත්වයෙන් මෙම බක්මහ උලෙළ දෙක ඉතා සාර්ථකව ජන ක්‍රීඩා රැසකට මුල්තැන දෙමින් ක්‍රියාත්මක කරන ලදි.
     ඇත්කඳුර සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරු ඩබ්.ජී.ටී උදයාංගනි මහත්මියගේ සංවිධානය යටතේ නාඹරඅත්ත ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී පී.ඩබ්.ගාමිණී මහතා විසින් එක් බක්මහ උලෙළත් නාඹරත්ත පාසැල්භුමියේදී මෙහෙය වූ අතර වැලිවිටිය සමෘද්ධි බැංකුවේ බක්මහ උලෙළ කළමනාකරු සමන්තා ගුණසේකර මහත්මියගේ සංවිධානය යටතේ  කුට්ටියාවත්ත වසමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරි ඊ. ඒ.පී ජානකී ලසන්ති මහත්මිය මෙහෙයවන ලදි.
       මේ අවස්ථාවට වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් තුමිය මෙන්ම මූලස්ථාන කළමනාකරු අජිත් නිශාන්ත වැලිවිටිගොඩ මහතා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් විශාල ආරධිතයන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් සාර්ථක ලෙස බක්මහ උලෙළ දෙක පවත්වන  ලදි.

 අජිත් නිශාන්ත වැලිවිටිගොඩ,
සමෘද්ධි සන්නිවේදක-
වැලිවිටිය දිවිතුර.

ප්‍රථම සමෘද්ධි උපයෝගිතාව (APP) අන්තර් ජාලයට මුදා හැරීම

ශ්‍රි ලාංකීය සමෘද්ධි සන්නිවේදන ක්ෂ්‍රේ්‍ත්‍රය නව මංපෙතකය ගෙන යමින් ලැබුණු සැනින් එසැනින් පුවත් ඔබ වෙත ගෙන එ්මට සකස් කල ප්‍රථම සමෘද්ධි උපයෝගිතාව (APP) අන්තර් ජාලයට මුදා හැරීම  (16) ගාලූ දිස්ත්රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මැතිණියගේ සුරතින් සිදුවිණි.

උපුල් ලියනගමගේ
ගමන විශේෂාංග සන්නිවේදක

Tuesday, May 16, 2017

සමෘද්ධි ප්‍රතිලාභී මරණයක් සදහා සමාජ ආරක්ෂණ වන්දි මුදල ක්ෂණිකව ලබා දේ.


       
සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩ පිලි වෙල යටතේ මරණයක් සිදුවූ වහාම අදාළ වන්දි මුදල එම පවුලට ලබා දීම ඉතා ඉක්මනින් සිදුවිය යුතුය.මන්ද නොසිතු මොහොතක සිදුවන එවන් මරණ නිසා ඔවුන් ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවයට පත් වන අවස්ථා බොහෝය.මරණ සදහා එය සිදු වී වැඩ කටයුතු අවසන් වීමට පෙර ඔවුන්ට හිමි සමාජ ආරක්ෂණ වන්දි මුදල ලබා දීමේ ක්ෂණික වැඩ පිළිවෙලක් නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ ආරක්ෂණ අංශය මගින් මේ වන විට ක්‍රියාත්මක වේ.නියාගම ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී.ප්‍රගීත් රසික කුමාර මහතාගේ මැදිහත් වීම  මත සමාජ ආරක්ෂණ ලිපිකාර චම්පිකා නිරංජලී මහත්මියගේ උනන්දුව මත මෙම කටයුත්ත සාර්ථක වීඇත. 35 පොරවගම වසමේ ඉහල ගෙදර කන්දේ පදිංචි එච්.ජී. ඥණවතී මහත්මියගේ මරණය වෙනුවෙන් ඇය මියගිය දිනම රුපියල් 15000/= ක මුදලක්මිය ගිය අයගේ පුතා වෙත මූලස්ථාණ කළමණාකාර  යූ.කේ. අනුලා මහත්මිය විසින් ලබා දුන්නාය. මෙම අවස්ථාවට නියාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වේ මුදල් අයකැමි සමන්මලී විතානාච්චි සහ  වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී කේ.එච්.ජී.රත්නපාල යන මහත්ම මහත්මීන් සහභාගී විය.                           

බී.එච්.ඒ. ප්‍ර සන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම.
සම්බුදු තෙමගුල සමරමින් හැටන් තරුණ බෞද්ධ සංගමය  අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි ආහාර බෙදාදි

     සම්බුදු තෙමගුල සමරමින් හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ශිව සංවිධානය කරන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි ආහාර බෙදාදිම මෙවරද වෙසක් දිනයට පසු දිනයේ (11) සිදුකරන ලදි.මෙවර හැටන් හා අවට ගම්මාන වල පවුල් 500ක් උදෙසා සතියකට ප්‍රමාණවත් පරිදි සහල්,පොල්,පරිප්පු,මිරිස් ආදි ආහාර  බෙදා දෙන්නාය.

     එම සංගමය විසින් මෙවර එම පුණ්‍ය කර්මය සංවිධානය කරන ලද්දේ 30 වන වරටය .එමෙන්ම ප්‍රදේශයේ සරසවි වරම් ලද ශිෂ්ය ශිෂ්‍යාවන් සිව්දෙනෙක් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානයද සිදුකල අතර දහවල් මහා සංඝරත්නය දොලොස්නමක් උදේසා ධානය පිරිකර පුජා කිරිමද සිදු කරන ලදි.

    හැටන් නිග්රෝධාරිම විහාස්ථානාදිපති,මැදරට ප්රාධාන සංඝනායක මහගම විමල නායක හාමුදුරුවන් ඇතුව සංඝයාවහන්සේ විසින් ආගමික වතාවත් සිදුකල අතර තරුණ බෞද්ධ සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් වීරසුරිය ඇතුළු නිලධාරින් හා සමාජිකයින් මෙන්ම හැටන් නගරයේ සිංහල.දෙමළ මුස්ලිම් ප්‍රභූ හා සුභ පතන්නන් රැසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
ගමන සන්නිවේදක - හැටන්
දොඩන්දුගොඩ බුදු තෙමගුල සමරා පිංඩපාත වැඩසටහනක්


හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් පිංකන්ද සමෘද්ධි ප්‍රජාමුල  බැංකුව, දොඩන්දුගොඩ වසමේ සමෘද්ධි සමිතිය හා ප්‍රදේශවාසීන්  එක්ව සංවිධානය කල පිංඩපාතය වැඩමවීමේ පිංකමක් පසු ගිය වෙසක් පොහෝ දින සිදු කෙරිණි. මෙම පිංකම සදහා බැංකු කළමණාකරු ජෙනිටා ඉනටි මහත්මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි විණි. 

අනෝමා මෙන්ඩිස්
 සමෘද්ධි සන්නිවේදක - හික්කඩුව