Tuesday, May 1, 2018

අඩු ආදායම්ලාභි පවුල් 500 කට වියලි ආහාර හැටන් තරුණ බෞද්ධ සංගමයෙන්


  31 වන වරටත් පවුල් 500 ට  සතියකට ප්‍රමාණවත් වියලි සලාක හා උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ අඩු ආදායම්ලාභි පවුල් 500 ක් සදහා වියලි ආහාර බෙදා දිම හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සිදුකරන ලදි.

   වෙසක් පුර පසලොස්වක පෝය දිනයට සමගාමිව හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් ප්‍රදේශයේ තෝරාගත් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂාවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිම හා අඩු ආධායම්ලාභි පවුල් 500 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදිම 30 වන දා උදෑසන සිදුකරන ලදි.මෙවර මෙම පුණ්‍යකර්මය සිදුකරන ලද්දේ 31 වන වතාවටය.

   තරුණ බෞද්ධ සංගමයේ වර්තමාන සභාපති ෂශි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සංගමයේ ප්‍රධාන පැවිදි අනුශාසක නිග්‍රෝධාරාම විහාරාධිපති ,මධ්‍යම පළාත් සංඝනායක දර්ශනපති මහගම විමල නායක හාමුදුරුවෝ,හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්.බාලචන්දන් ඇතුලු නාගරික මන්ත්‍රිවරු,හැටන් නගරයේ සිංහල දෙමල මුස්ලිම් ව්‍යාපාරිකයින්.සංගමයේ සාමාජිකයින් ඇතුළු සුබ පත්න්නන් රැසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

සමෘද්ධි අවුරැදු පොළ නාගොඩ සහ නියාගම


   නාගොඩ සහ නියාගම ප්‍රාදේශීය ලේකමි කොටිටාශ දෙකෙහි සමෘද්ධි අවුරුදු පොල තල්ගස්වල සතිපොල භුමියේදි 2018/04/05 දින නියාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .එම අවස්ථාව ට සහභාගී වු සමෘද්ධි ව්‍යවසායකයින් ගේ නිශ්පාදන අලවිකිරිමට සුදානම් කර තිබෙන අයුරු.

ඩබ්ලිව් .ජි කුමාරරත්න
සමෘද්ධි සංනිවෙිදක
නාගොඩ

ලේ කිරි කර නුබ හැදුවේ - මඩමක අපි තනි කරන්නද..............


   එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලබමින් තෙවරක් සම්බුදු සිරිපතුල් සිපගත් ශ්‍රී ලංකා ලක් දෙරනේ අද දිනෙන් දින වැඩි හිටි නිවාස, ළමා නිවාස ඉදි වන්නේ දිනකට දෙවරක් බුදුන් වදින මිනිසුන් යැයි කියා ගන්නා සමහර නොමිනිසුන්ගේ මව් වරුන් පියවරුන් හය හතරක් නොතේරෙන කිරි සප්පයන් වැඩිහිටි නිවාස, ළමා නිවාසවල තනිකර ලමිනි.දස මාසයක් කුසයේ දරාගෙන මේ මගේ රත්තරන් පුතා මගේ රත්තරන් දුව යැයි ලෝකයේ දුර්ලභ වටිනා සම්පත් වලට උපමා කරමින් මිනිස් ශරීරයේ වටිනාම දේ වන ඇස් දෙක වගේ රැකගෙන ලේ කිරිකරදී දරුවාගේ අසූචි කළගෙඩි හතක් තම කුස තුලට රුවාගන්නේ දරු සෙනෙහයට නේද... 

   ලෝකයේ දරාගත නොහැකිම වේදනාව දරන්නේ මවක් නේද... ඒ විලි රුදාවෙන් අම්මාට හානියක් නොවන්නේ තම දරුවාට තිබෙන ආදරය කරුණාව දයාව නිසාවෙන් නොවේද...පිරිමියෙකුට මෙම වේදනාව දැනුනොත් තම ශරීරයේ අස්ති කීයක්නම් බිදෙයිද. අම්මා ඒ සෙනෙහස දෙද්දී පියා තම දරුවන්ට රැකවරණය ලබාදී ආරක්ෂා කරමින් හොදින් හදා වඩා ලෝකයට ඇස් පාදන්නේ ඔවුන් ලෝකය තුල සැරි සරද්දි අනාත මඩම් වලට,වැඩි හිටි නිවාස වල තනි වෙන්නද....

   උතුම් තෙමගුල සිහිකරමින් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම් කරුණාරත්න මහත්මියගේ පූර්ණ මගපෙන්වීමෙන් කාර්යාලයට අනුබද්ධ රාජ්‍ය නිළධාරීන් අද දින (27) මහගු පුණ්‍ය කර්මයකට අත ගැසුවේ මැදිරිගිරිය සරණ බෞද්ධ පදනම මගින් ක්‍රියාත්මක කරන මව්පිය සෙවන වැඩිහිටි නිවාසයට පා තබමිණි. මෙම  ගමනට සමෘද්ධි ගමනද සම්බන්ද වූයේ උතුම් කර්තව්‍යයක් සදහා මාධ්‍ය ආවරණයක් ලබාදීමේ අධිඨණනි.

   පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංඝණායක ශ්‍රී පච්චිමාරාම විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජී ස්වාමින්  වහන්සේගේ පූර්ණ මගපෙන්වීමෙන් අනුශාෂකත්වයෙන් හා භාරකාරත්වයෙන් පවත්වාගෙන යන මෙම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 12 දෙනෙක් පමණ සිටින අතර නිවාසය ශුද්ධ පවිත්‍රකර වැඩිහිටියන් නාවමින් එම අයගේ සියළු රෙදිපිළි සෝදා දීමට මේ සදහා සහභාගීවූ නිළධාරීන් නොපැකිළිව දායකත්වය දක්වන ලදි. මේතුල හැගීගියේ මෙම අයගේ දෙමව්පියන්ටද මෙපරිදිම ආදරය කරුණාව දයාවක් ඇති බවය.මෙම වැඩසටහන තුල වැඩි පිරිසකගේ දෙනෙත්වලින් තම දෙමව්පියන් සිහිවී දෙනෙතින් කදුළු වගුරන අවස්ථා මෙන්ම දුක වේදනාව සගවාගෙන හදවතින් හඩන අවස්ථාද සමෘද්ධි ගමනට දක්නට ලැබුණ අතරම එම වැඩිහිටියන්ද හැගුම්බර නෙතු කදුළු වගුරමින් අප හා එක්වන ලදි .

   දිවා ආහාරයට ප්‍රථම එම වැඩිහිටියන් හා එක්ව කවි ගී දෙකොපුල් අතරින් ගුවනට එක්කලේ සියළුම දෙනාගේ විඩාබර දෙනෙත් හා හදවත් සිසිල් කරලමිණි. 

    සොයා පිළිසරණක්, තෙවැනි බුදුන් ලෙස, සුරේෂ් මානවඩු මහතා මුමුණද්දී...... වැඩිහිටියන් විසින්... අපි වවලයි අපි කෑවේ,කුරුළු ගමේ කුරුළු ගෙදර ගීත වලින් සතුටු වෙද්දී පැමිණි සියළුම දෙනා නැවතත් හැඩවූයේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියෙකු විසින් ගායනා කල, සද නාවත් කමත් නැතේ රත්තරන් පුතේ... ඉර නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... ඒත් පුතේ නුබ නාවොත් දුක දැනෙයි සිතේ....ගිතයෙනි....මෙම ගීතයත් සමග සමෘද්ධි ගමන ඔවුන්ගෙන් සමුගත්තේ මාසෙකට වරක් මෙවැනි වැඩසටහන් තුලින් ඔවුන්ගේ විඩාබර මනසට සතුට සොම්නස එකතු කිරීම වඩාත් උචිත යැයි සිතමිණි..... 

සටහන හා සේයාරූ
ඩි.එම්.පි.කේ. දිසානායක
වජිරා දිසානායක
සමෘද්ධි ගමන සමූහ - පෙළොන්නරුව

සමෘද්ධි බක් මහ උළෙලන් වර්ණවත් වු නාගොඩ


  නාගොඩ ප්‍රාදේශීය ලේකමි කොට්ඪාශයේ , යටලමත්ත , නාගොඩ , මාපලගම , සමෘද්ධි කලාප මගින් සංවිධානය කල 2018 අවුරුදු උත්සවයේ, විවිධ අවස්තාවන්. මෙම උත්සව අවස්ථාව ට බැංකු කළමනාකරු වන්, කලාප සහර කළමණාකරු වන් ,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ග්‍රාමනිලධාරි න්, ආර්ථිකය සංවර්ධන නිලධාරීන් , සමු ප්‍රතිලාභින් ,ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

ඩබ්ලිව් .ජි කුමාරරත්න
සමෘද්ධි සංනිවෙිදක
නාගොඩ

දෝතට තෑගිත් සමග සමෘද්ධි අවුරුදු උත්සව


  ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශය සහ සමාජ සංවර්ධන අංශය ඒකාබද්ධව වාර්ෂිකව රටපුරා පවත්වනු ලබන "සම්‍ෘද්ධි බක්මහ උළෙල" වැඩසටහන යටතේ ගාල්ල දිසාවේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවුරුදු උත්සව නරබා රසවත් වෙන්නට අපටත් අවස්ථාව ලැබුණා.

   රටපුරා සමෘද්ධි අලුත් අවුරුදු උත්සව 1074ක් පමණ පැවැත්වූ පසුගිය 22දා ඊට සමගාමීව කරන්දෙණිය කොට්ඨාශයේ අවුරුදු උත්සව 3ක් පැවැත්වුනා. ඒ ඌරගස්මන්හණ්දිය සමෘද්ධි කලාපයේ හිපන්කන්ද මහජන ක්‍රීඩාංගණය ,කරන්දෙණිය සමෘද්ධි කලාපයේ බොරකන්ද ටීඩී සමරවීර ක්‍රීඩාංගණය සහ මහඒදණ්ඩ සමෘද්ධි කලාපයේ ගුරුබැබිල මහජන ක්‍රීඩාංගණය යන ස්ථානවලදීය.

   මෙම අවස්ථාවන්ට ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතා ඇතුළු සමෘද්ධි අංශයේ සියළුම කළමනාකරුවන්, සමෘද්ධි නිලධාරීන් සහ ප්‍රජාමූල සංවිධාන නිලධාරීන් ඇතුළු විශාල පිරිස් සහභාගිවීම අපට නිරීක්ෂණය වුනා. මහඒදණ්ඩ කලාපයේ උත්සව කටයුතු සදහා තරුණ සේවා නිළධාරි සමග යෞවන සමාජ බලමණ්ඩලයේ නිලධාරීන් සහය වීම විශේෂයෙන් අගය කල යුතුය.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Tuesday, April 24, 2018

ඉමදුව සමෘද්ධි බක්මහ අසිරිය


   සිංහල/ හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව  පවත්වනු ලබන සමෘද්ධි බක්මහ උළෙල මෙවරත් අති උත්කර්ෂවත් ලෙස දිවයින පුරා පසුගිය 22 වන ඉරිදා පවත්වනු ලැබිය. දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි බැංකු සංගම් 1074  තුල, අපේකම රැකගනිමු - ඉතුරුමට මග කියමු  යන තේමාව යටතේ මෙම අවුරුදු උත්සව මලාව සංවිධානය වි තිබුනි. 

   ඊට සමගාමීව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බක්මහ උළෙල පසුගිය ඉරිදා පවත්වනු ලැබු අතර  ආයෝජනගම, හවුපේ සහ ඉමදුව යන කලාප තුන තුල එම උත්සව සංවිධානය වි තිබුනි. එහි ප්‍රධාන උත්සවය හවුපේ කලාපයේ අගුළුගහ මහ විද්‍යාවලීය ක්‍රීඩාංගණයේදි ප්‍රදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර ඉමදුව කලාපයේ අවුරුදු උළෙල මලල්ගොඩ සිරි සීවලි විදුහලේත්  ආයෝජනගම  කහද මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදිත් පැවැත් වින. හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින්  දේශිය ගැමි තරග රැසක් සමගින් මෙම උත්සව සංවිධානය කිරිමට  සමෘද්ධි කලමණාකරුවන් , සංවර්ධන නිලධාරින්, සමෘද්ධි ප්‍රජාමූල සමිති සමාජිකයින් සමත්වි තිබුනි. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

සාන්තානාපුර සමෘද්ධි කොකිල උදානයෙන් වර්ණවත් වේ


  සමෘද්ධි   දෙපාර්තමේන්තුව   විසින්    දිවයින  පුරා  2018   අප්‍රේල්  මස   22 වන  දින  පැවැත්වු  සමෘද්ධි   බක්මහ උළෙලවල්හි   වෙන්නප්පුව   ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ   වෙන්නප්පුව   සමෘද්ධි   ප්‍රජාමූලය බැංකුව   සංවිධානය   කල  බක්මහ උළෙල  සාන්තානාපුර     සනිවැන්ඩර්ලන්  කිඩාංගනයේදි   පසුගියදා   පැවැත්වූනි .   මෙහි දැක්වෙන්නේ   එහි  සුවිශේෂ   තරගයක්  වු  සිගිති අවුරුදු කුමරිය තේරිමේ  තරගයයි.  වෙන්නප්පුව   මුලස්ථාන  පොලිස් පරිකිෂක තුමන් ප්‍රාදේශීයසභා මන්ත්‍රීතුමින් වන   චමිලා දිල්රැක්ෂිකා .  දුලක්ෂි චමෝදරි  හා ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරැන් වන  දිනේෂ්  පෙරේරා  .ශාන්ත පෙරේරා මහත්ම  මහත්මින්  තරගය   විනිශ්චය   සදහා  සහභාගි විය.  එම තරග අවස්ථාව  ගමන  කැමරා කාචයේ   සටහන්   වු  අවස්ථාවයි.

ප්‍රි්ති  උදයසිරි   ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව